හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලේ ගංවතුරට වැටබඳින්න කමිටුවක්…

කෑගල්ල ජී.රාජපක්ෂ , රුවන් ප්‍රියශාන්ත

කෑගල්ල නගරයේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීමට බලපාන හේතු හඳුනාගෙන ඒ සඳහා පිළියම් ලබා දීමේ සැළැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ සඳහන් කලේ පසුගිය (20) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවතී රැස්වීමකදීය.

දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය

ඒ පිලිබඳ අදාළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහි දී සඳහන් කළේය.

එම නිර්දේශයන්ට අනුව ආපදා පෙරසූදානම් සැළැස්ම සඳහා ඇතුළත් කර සෑම වර්ෂයකදීම ඒ සඳහා පිළියම් යෙදීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෑගල්ල නගරාධිපති ජී.කේ සමරසිංහ, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා රත්නායක, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකොන්, සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේණ ආයතනය, දිස්ත්‍රික් ආපදා ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය යන ආයතනවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

Related posts

රත්නපුරට රතු නිවේදන…

Helarata

ආර්ථික අපහසුතා ඇති පවුල් වලට වියලි ආහාර..

Helarata

පූජාපිටියේ අලි පිරිසක් පොහොට්ටුවට අතගසයි…

Helarata

Leave a Comment

Translate »