හෙළරට - ප්‍රාදේශීය පුවත්

පානදුර පුංචි මන්ත්‍රීලාගේ වැටුප කොරෝනා අරමුදලට…

ජනක හෙට්ටිආරච්චි 


පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගේ මාර්තු සහ අප්‍රේල් මස ගමන් වියදම් දීමනාවන්  සහ  සභා අරමුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක්  ශ්‍රී ල0කා කොවිඩ්  19 අරමුදලට ප්‍රදානය කිරීමේ යෝජනාවක් අද  ( 21) පානදුර ප්‍රදේශීය සභා මැයි   මාසික රැස්වීමේදී සම්මත කෙරිණ.


සෞඛ්‍ය නීති වලට අනුගතව වාද්දුව විජය කුමාරණතුංග ශාලාවේදී පැවති එම රැස්වීමේදී පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා එම යෝජනාව ඉදිරිපත් කලේය.ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ මාර්තු සහ අප්‍රේල් ගමන් වියදම් දීමනාව රුපියල් දෙලක්ෂ විසි පන්දහසක මුදල් සහ සභා අරමුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ප්‍රදානය කිරීමට යෝජනා විය.


    සභාපති හේමන්ත  ප්‍රනාන්දු මහතා ද  එක්සත් ජාතික  පක්ෂ මන්ත්‍රීවරුන් වන ලීලානන්ද පෙරේරා සහ ඉරේෂන් පෙරේරා මහත්වරුන් සහ  ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අජිත් සිරිසේන මහතා ඇතුලු  පක්ෂ විපක්ෂ   මන්ත්‍රීවරුන්  කිහිප  දෙනෙකුම මෙහිදී අදහස් පල කලහ. 

  මීට අමතරව අජිත් පෙරේරා ( පො.ජ.පෙ)  සහ මිසිලින් නෝනා සිල්වා (පො.ජ.පෙ) මහත්මිය තම  මැයි මස මාසික දීමනාව ද  19 අරමුදලට බැර කරන බවද   සභාවට යෝජනා කරමින්  පැවසූහ.

Related posts

පාණදුරේ නාහිමිවරුන්ගෙ න් පාණදුර මූලික රෝහලට රෙදි සෝදන යන්ත්‍රයක්.

Helarata

තිඹිරිගස්යායේ ග්‍රාම නිලධාරී කාර්යාල 08ක් එක තැනකට ගෙන එයි……

Helarata

ජොන්සන් වැඩට එයි…

Helarata

Leave a Comment

Translate »