හෙළරට - දේශිය පුවත්

සංචාරය නංවන්න යුරෝපා අතහිත…

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ
වැටුණු මෙරට සංචාරක කර්මාන්තය
නගාසිටුවීම සඳහා යුරෝ මිලියන
3.5ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා
සංගමය තීරණය කර ඇත. ඊට අදාළ
යෝජනා කඩිනමින් තම සංගමය
වෙත ලබාදෙන්නැයි යුරෝපා
සංගම් තානාපති ඩෙනිස් චායිබි
(Denis Chaibi) සංචාරක සංවර්ධන
අධිකාරියෙන් ඉල්ලා සිටියේය.
යුරෝපා සංගම් තානාපතිවරයා හා
ඇමැති ප්‍රසන්න රණතුංග අතර
(19 වැනිදා) පැවති සාකච්ඡාවකදී
මෙම ඉල්ලීම කර ඇත.


යුරෝපා සංගම් තානාපතිවරිය
මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව
වසංගතය පාලනය කිරීමට ගත්
පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ
කරන බවයි. බිඳ වැටී ඇති මෙරට
සංචාරක කර්මාන්තය නංවාලීමට
රජය ගෙන යන වැඩපිළිවෙළට
සහාය පළ කිරීමක් ලෙස මෙම
ප්‍රදානය ලබාදීමට තීරණය කළ බවද
තානාපතිවරයා කියා සිටියේය.


මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය
වෙනුවෙන් සිය ස්තුතිය පළ කරන
බව පැවසූ ඇමැති ප්‍රසන්න රණතුංග
මේ සඳහා අදාළ යෝජනා කඩිනමින්
යුරෝපා සංගමයට ලබාදෙන්නැයි
සංචාරක සංවර්ධන අධිකාරියේ
සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට
උපදෙස් දුන්නේය.


සංචාරක හා ගුවන් සේවා
අමාත්‍යාංශ ලේකම් එස්.
හෙට්ටිආරච්චි, කාර්මික අපනයන,
ආය ෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ
ලේකම් මාපා පතිරණ, සංචාරක
සංවර්ධන අධිකාරියේ සභාපතිනි
කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂ
ජනරාල් ධම්මිකා විජේරත්න යන
මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට සහභාගිවුහ.

Related posts

ජනපති නොහිටියානම් රටම අඤ්ඤං මඤ්ඤං – වනවාසි රාහුල හිමි

Helarata

අති භයානක තත්ත්වයක් නිර්මාණය වෙලා.. වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

Helarata

ලාංකික සිසුන් පකිස්තානයෙන් රැගෙන එයි..

Helarata

Leave a Comment

Translate »