හෙළරට - දේශිය පුවත්

සුමන හිමිගේ ප්‍රශ්නයේදි රඟපෑම් එපායැයි අමරපුර නිකාය කියයි…

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වි ඇති බොරැල්ලේ සුමන හිමියන් ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ අමරපුර පාර්ශනයෙන් උපසම්පදාව ලත් භික්ෂුවක් බව එම පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි බටපොළ මේධානන්ද නාහිමියෝ නිකුත් කළ නිවේදනයක සදහන් වේ.


පසුගියදා එම හිමියන් පිළිබද සමාජ මාධ්‍යයෙහි පළවු විවිධ පුවත් හේතුවෙන් ඇතිවු ආන්දොලනාත්මක සිද්ධින් මත සංඝ සභාවෙි අධිකරණ සංඝනායක නින්දානේ චන්දවිමල නාහිමියන් සමග අදාළ ස්ථානයට ගොස් පරික්ෂාකර බැලු බවත් එම නිවේදනයේ සදහන්වේ.


එසේම ශාසනික විනාශකාරි වු පුද්ගලයන් හෙළිදරවි කිරිමට කටයුතු කරන සාධුජන පිරිසට බෙහෙවින්ම කෘතඥ වන අතර තවදුරටත් මේ පිළිබඳව සොයා බලා ඉදිරියේදි සංඝ සභා පරික්ෂණයක් පැවැත්විමට තීරණය කර ඇතැයිද ලේඛකාධිකාරි නාහිමියෝ නිවේදනයෙන් කියා සිටිති.


එසේම විනය විරෝධි යම් භික්ෂුවක් පිළිබඳව ගතයුතු නුවණැති පියවර නම් අදාළ සංඝ සභාවේ නාහිමිවරුන් දැනුවත් කිරිම බව සිහිපත් කරන අතර ඇතැම් ගිහි පැවිදි පිරිස් සිය බලය පෙන්නා කරන රඟපෑම් නොගැලපෙන බව කරුණාවෙන් සිහිපත් කරමු යැයිද එම නිවේදනයේ සදහන්වේ.

Related posts

How One Designer Fights Racism With Architecture

Helarata

වෛද්‍ය සහයක රෝබෝවක්.. ⁣(Photo)

Helarata

අඩු පහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දෙන්න චීනයෙන් මුහුණු ආවරණ 125000 ක්….

Helarata

Leave a Comment

Translate »