හෙළරට - විදෙස් පුවත්

ඔදිශාට පසුව අම්ෆන් කල්කටාව වනසයි…. (Photo)

ඉන්දියාව සහ බංග්ලාදේශය හරහා
හමා යන අම්ෆන් සුළි කුණාටුවෙන්
මේ වනවිට වැඩිම හානියක් සිදුව
ඇත්තේ ඉන්දියාවේ කොල්කටා
ප්‍රදේශයටයි. මෙම සුළි කුණාටුව
සැලකෙන්නේ 1999හි හමා ගිය ඔදිෂා
සුළි කුණාටුවට පසු බෙංගාල බොක්ක
ප්‍රදේශයේ ඇති වූ දරුණුම කුණාටුව
වශයෙනි. එමෙන්ම 2020 වසර තුළ
ලෝකයේ ඇති වූ දෙවැනි දරුණුම සුළි
කුණාටුවද මෙයයි.


බදාදා දවස පුරාම සුළි කුණාටුව ජීවිත
හානි සහ දේපල හානි සිදු කරමින්
කොල්කටා හරහා හමා ගිය බැව් වාර්තා
වෙයි. නිවාස ඇතුළු ගොඩනැගිලි දහස්
ගණනක් විනාශ කරමින්ද, ගහකොළ,
විදුලි සහ දුරකතන රැහැන් කණු ආදිය
මුලිනුදුරා දමමින්ද කුණාටුව අධික
වේගයෙන් හමා යන අයුරු මාධ්‍ය
ඔස්සේ දැකිය හැකි විය.

සුළි කුණාටුව ගොඩ බිම වෙත ඇතුල් වෙද්දී එහි වේගය පැයට කි.මී. 185 ක් පමණ වූ බැව් සඳහන් විය. මුහුදේ අඩි 15 ක් තරම් අම්ෆන් කොල්කටාවට කඩා වදී උස රළ නැගුණු බව ද වාර්තා වෙයි. මේ වනවිට 12 දෙනෙකුට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බැව් බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය වන මම්තා බැනර්ජි මාධ්‍ය හමුවක දී පවසා තිබිණි. ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවත්, විදුලිය සහ සන්නිවේදන සබඳතා මුළුමනින්ම වාගේ ඇණහිට ඇති බවත් වාර්තා වෙයි.

කොල්කටා ගුවන් තොටුපොළ ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනු දැකිය හැකි විය. කුණාටුවට හසුව සිය නිවාස විනාශ වූ අති විශාල පිරිසක් වෙනත් ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර මේ වනවිට පැතිරෙමින් ඇති කොවිඩ් වසංගතය නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ ස්වභාවක්
ගෙන තිබේ.

මහ ඇමැතිනිය සඳහන් කර ඇත්තේ සුළි කුණාටුව නිසා ඇති වූ හානිය කොවිඩි වසංගතය නිසා සිදු වූ හානියට වඩා විශාල බවයි. ඇය පවසන්නේ ඉන්දියානු රුපියල් කෝටි ලක්‍ෂයකට ආසන්න විනාශයක් සුළි කුණාටුව නිසා සිදුව ඇති බවය. කෙසේ නමුත් සිදුව ඇති හානිය නිවැරදිව තක්සේරු කිරීමට තව දින කිහිපයක් ගත වනු ඇති බව මාධ්‍ය සඳහන් කර තිබේ.

Related posts

එපා කියද්දි ළංවි සිටි පිරිසක් අත්අඩංගුවට …

Helarata

මෙල්බර්න් නුවර කොරෝනා දෙවැනි රැල්ලක්…

Helarata

ප්‍රාන්ත සීමා වසා දමයි…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!