හෙළරට - දේශිය පුවත්

ප්‍රඥාවංශ අනුනාහිමි ආදාහන පූජෝත්සවයට මහ සෙනඟක්..

බලංගොඩ – සරත් වීරවංශ

විශිෂ්ඨ පඬිරුවනක වු රාජකීය පණ්ඩිත බලංගොඩ ප්‍රඥාවංශ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය බලංගොඩ විද්‍යාලෝක මහ විද්‍යාලයේදි සිදුකෙරිණ.


අපවත්වන විට 91 වෙනි වියෙහි පසුවු අනුනායක මාහිමිපාණන් වහන්සේ ග්‍රන්ථ කර්තෘවරයෙකු,
පුවත්පත් ලේඛකයෙකු වශයෙන් ප්‍රකටව සිටියහ.ඉංග්‍රීසි උගතෙකුවු උන් වහන්සේ සිංහල පාලි සංස්කෘත දෙමළ ආදි භාෂාවන්හි ප්‍රවීණයෙකුද වුහ.


අනුනාහිමියෝ රාමඤ්ඤ මහ නිකායේ 21 වන අනුනායක ධූරය හෙබවුහ.
අනුනාහිමියන්ගේ ශ්‍රි දේහය රැගත් ආදාහන පෙරහර විද්‍යාලෝක විද්‍යාලය වෙත පැමිණි අතර කාලගුණයෙන්ද ආදාහන පූජෝත්සවයට කිසිදු බාධාවක් ඇති නොවිණ.


මෙහිදි රාමඤ්ඤ මහ නිකාය වෙනුවෙන් ආගමික වතාවත් හා අනුශාසනය රාජකිය පණ්ඩිත මාතලේ ධම්මකුසල අනුනාහිමියන් විසින් ඉටුකළහ.සියම් මහ නිකාය වෙනුයෙන් ශ්‍රි පාදස්ථානාධිපති,බෙංගමුවේ ධම්මදින්න නාහිමි, අමරපුර නිකාය වෙනුවෙන් අමරපුර රාස්සගල පාර්ශවයේ මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමි,හා ආචාර්ය ඔිමල්පේ සෝභිත නාහිමියෝ අනුශාසනා පැවැත්වුහ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවා තිබු ශෝක පණිවිඩය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්ද, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය හිටපු රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා විසින්ද,හිටපු කතානායක කරු ජයසුරිය මහතාගේ ශෝක පණිවිඩය හිටපු අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින්ද කියවන ලදි.


නිරෝධායනය නීතිරිති අනුව පැවති මෙම ආදාහන පූජෝත්සවයට සහභාගිවු මහ සංඝරත්නය හා ගිහි පිරිස මුඛ ආවරණ පැළඳ සිටි අතර පිරිසද දුරස්ථභාවය රැකගනිමින් සිටිනු දක්නට ලැබිණ.


රටට දැයට සමයට මෙන්ම අධ්‍යාපන කේෂත්‍රයට ඉමහත් සේවාවක් සිදුකළ , මෙරට වැඩසිටි මහ තෙරනමකවු රාජකිය පණ්ඩිත බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියන්ගේ ශ්‍රි දේහය සහිත චිතකයේ ගිනිදැල් අහසට පැන නැග්ගේ නාහිමියන් වහන්සේ එදා මෙදාතුර කළ මහ මෙහෙයේ මතක සටහන් පමණක් ඉතිරි කරමිනි.

Related posts

ආසාදිත නාවිකභටයන් සොයාගැනිම අවසන් වේගෙන එනවා…

Helarata

16 පහළ අය වැඩට ගත්තොත් වැඩ වරදි..

Helarata

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය 25 සිට යළි විවෘත වෙයි

Helarata

Leave a Comment

Translate »