හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලෙන් ආපදා වලට පෙර සුදානමක්…


කෑගල්ල ජී. රාජපක්ෂ

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා සදහා පූර්ව සූදානම හා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 21දා කෑගල්ල ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .


කෑගල්ල ප්‍රදේශිය ලේකමි බල ප්‍රදේශයේ සිදුවන ආපදා තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරින් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව සියලුම නිලධාරින් දැනුවත් කිරිම මෙහිදි සිදුකෙරිණි .


පසුගිය දිනවල පැවැති වර්ෂා සහිත කාලගුණික තත්වය නිසා ඇතිවු ආපදා තත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම , වන්දි ගෙවීම් කටයුතු කඩිනම් කිරීම හා වසම් මට්ටමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් පැවැත්වීම සදහා ද මෙහිදි සැලසුම් සාකච්ඡා කෙරුණි.


මෙම රැස්වීම සදහා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ඵම්. නිශාන්ත, මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරින්, ග්‍රාම නිලධාරින් ඇතුළු බොහෝ නිලධාරීන් පිරිසක් ඵක්ව සිටියහ .

Related posts

රඹුක්කනට රෝහලට කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්..

Helarata

කෑගල්ලේ සෞඛ්‍යයට ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්ගෙන් මුඛ ආවරණ

Helarata

ජොන්සන් වැඩට එයි…

Helarata

Leave a Comment

Translate »