හෙළරට - දේශිය පුවත්

මාවනැල්ල ගංවතුරින් යටවීම අවම කිරිමට සැලසුම් ….

කෑගල්ල ජී. රාජපක්ෂ , රුවන් ප්‍රියශාන්ත

මාවනැල්ල නගරයේ හදිසි ගංවතුර තත්ත්වයක් තුළදි ජලයෙන් යට වීම වලක්වා ගැනීම සදහා අදාළ රාජ්‍ය ආයතන හා වෙළද ප්‍රජාවගෙන් සමන්විත කමිටුවක් පත් කිරිමට පියවර ගත් බව කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මෙසේ සඳහන් කළේ අද (22) මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමකදීය.

මේ වන විට ක්‍රියාත්මක මාවනැල්ල නගර සැලැස්මට අනුව මාර්ගය හා කාණු පද්ධතිය ඉදි කෙරෙන අතර ගැටළු මතුවී ඇති ස්ථාන සම්බන්ධයෙන් අදාළ පාර්ශව හා සාකච්ජා කර එකඟත්වයකට පැමිණ ඉදිරි කටයුතු සිදු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


මේ වන විට ජලය බැස යාමේදී පවතින අවහිරතා ඉවත් කර කාණු පද්ධතිය අළුත්වැඩියා කිරිමට කඩිනමින් කටයුතු කලයුතු බවද පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ වීරකෝන් , දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ නිලන්ත වික්‍රමනායක, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල , මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු ටී. බී . වික්‍රමසිංහ, විධායක ඉංජිනේරු කේ.එස්. හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනය, ජල සම්පත් මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය , වෙළද සංගම් යන ආයතන වල නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

Related posts

අරාබියෙන් සහ එංගලන්තයෙන් 373 එයි….

Helarata

පාසල්වලට උපදෙස් සහිත චක්‍රලේඛයක්..

Helarata

ප්‍රංශයේ පාසල්වල,බස්- දුම්රියේ මුඛ ආවරණ අනිවාර්යයි..

Helarata

Leave a Comment

Translate »