හෙළරට - දේශිය පුවත්

ඇඳිරි නීතිය හා සංචරණ සීමා ලිහිල් කළත් රැස්වීම් පැවැත්වීම තහනම්…

ඇඳිරි නීතිය හා සංචරණ සීමා ලිහිල් කෙරුණ ද රැස්වීම් පැවැත්වීම තවදුරටත් තහනම් වන බව පොලිසිය පවසයි.

කිසියම් පාර්ශ්වයක් රැස්වීම් සඳහා දැනුම් දීම් කළ ද එවැනි අවස්ථාවන් සඳහා සහභාගී නොවන ලෙස, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මාළිගාවත්ත ප්‍රදේශයේ ඉකුත්දා ඇති වූ සිද්ධිය වැනි සිද්ධීන් නැවත ඇති වීමට ඉඩ නොතැබිය යුතු බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ .

Related posts

කොරෝනා අනිවාර්යයෙන්ම පරදනවා කියන හැගීමෙන් වැඩකරමු..

Helarata

කොක්මඩුවේ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව..

Helarata

100කට මඟුල් කියන්න…

Helarata

Leave a Comment

Translate »