හෙළරට - දේශිය පුවත්

කවසකි දරුවන්ට මාන අල්ලයි…

ලොව පුරා කවසකි
රෝගය පැතිර යන බැවින්
ඔබගේ දරුවා කෙරෙහි වැඩි
අවධානයෙන් පසු වන්නැයි
රිජ්වේ ආර්යා ළමා රෝහලේ
අධ්‍යක්ෂ ජේ. විජේසූරිය
දෙමාපියන්ට දැනුම් දී සිටියි.

කවසකි රෝගයට ගොදුරු වූ
දරුවන් 50-100 අතර සංඛ්‍යාවක්
වසරකට රිජ්වේ ආර්යා ළමා
රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා
බව පවසන අධ්‍යක්ෂවරයා
කොරෝනා වෛරසය පැතිර
යාමෙන් පසුව කවසාකි
රෝගයේ වර්ධනයක් දැකිය
හැකි යැයිද පැවැසීය.
කොරෝනා වෛරසය හෝ
වෙනත් වෛරස් රෝගයකට
ඔබේ දරුවා ගොදුරුව සිට සුවය
ලැබූ පසුව දින පහකට ආසන්න
කාලයක් තුළ උණ රෝගයෙන්
පෙළෙන්නේ නම් හෝ දිව
ස්ට්‍රෝබෙරි ගෙඩියක් ලෙස
දිස්වන්නේ නම් ළමා රෝග
විශේෂඥ වෛද්‍යවරයකුගෙන්
ප්‍රතිකාර ලබාගැනීම ඉක්මන්
කරන්නැයිද ඉල්ලා සිටියි.
ප්‍රතිකාර ලබාගැනීම ඉක්මනින්
සිදුකරන්නේ නම් ඇතිවන
සංකූලතාවන් මගහරවා ගත
හැකි වෙයි. එමෙන්ම අවදානම
අවම කර ගත හැකිවනු ඇත.

Related posts

කොළඹ අනවසරයෙන් වාහන 500ක් දිනකට අල්ලනවා…

Helarata

4882ක් නිරෝධායනයේ

Helarata

කොරෝනා පොකුරු මතුවුනොත් ඡන්දය කරන හැටි කියයි…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!