හෙළරට - විදෙස් පුවත්

විලියම් කුමරුට දුකහිතුන හැටි කියයි…

මවගේ මරණයේදී දැනුණු වේදනාකාරී හැඟීම තමා පියකු බවට පත්වීමේදී නැවත දැනුණු බව බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ප්‍රකාශ කරයි.

දරුවන් තිදෙනකුගේ පියකු වන ක්‍රේට් බ්‍රිජ් ආදිපාදවරයා පවසන්නේ මාපියන් බවට පත්වන විට ඇතිවන ‘කම්පන සහගත හැඟීම’ යළි යළිත් මතු විය හැකි බවය.


බීබීසී පුවත් සේවය මෙහෙය වූ මානසික
සෞඛ්‍ය ඛ්‍ය පිළිබඳ වාර්තා වැඩසටහනකට
එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.
විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය
(වෙල්සයේ කුමරිය) පැරීසියේදී මරණයට
පත්වූයේ 1997 වසරේ සිදුවූ රිය අනතුරකිනි.


කුමරු වැඩිදුරටත් එහිදී පවසා සිටියේ
ජෝරජ්, ඩැටී සහ ලුවී යන දරුවන් උපන්
අවස්ථාවලදී තමා එම දුෂ්කර අත්දැකීමට
මුහුණ දුන් බවත් තමාට එහිදී බිරිඳ වන
කැතරින්ගේ සහයෝගය උපරිමයෙන්
ලැබුණු බවත්ය.


පිරිමින්ගේ මානසික සෞඛ්‍ය සහ පාපන්දු ක්‍රීඩාව පිළිබඳ වැඩි උනන්දුව සම්බන්ධයෙන් පැවැත්වූ මෙම බීසීසී සාකච්ඡාවට එරට
වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වන මර්වින් ස ඩෙල්ද එක්ව සිටියේය.


‘දරුවන් ලැබීම ජීවිතය විශාල ලෙස
වෙනස් කරන මොහොතයි. මම සිතන්නේ එය ජීවිතයේ කම්පනය ඇති කරවන අත්දැකීමක්. එම මොහොතේදී මගේ පියා ඒ අසල නොසිටීම, මව මා ළාබාල වියේදීම මියගොස් තිබීමද එම හැඟීම් වැඩි කිරීමට හේතු වුණා’ යනුවෙන් විලියම් කුමරු වැඩිදුරටත් එහිදී පැවැසීය. විලියම් සහ ඔහුගේ බාල සොයුරු හැරී කුමරු ඩයනා කුමරියගේ මරණය හේතුවෙන් ඇති වූ කම්පනය පදනම් කර ගනිමින් පසු කලෙක පිහිටුවූ හෙඩ්ස් ටුගෙදර් (Heads Together) මානසික සෞඛ්‍ය ව්‍යාපාරය හරහා විවිධ විෂයන් ඔස්සේ මනස හදාගත් බවකියයි.

Related posts

රටවල් 10 ක් අසාදිතයින් 100,000 ඉක්මවයි..

Helarata

The Vesak Ceramany of the Mahindaramaya Temple at Penang in Malaysia was Very charming.

Helarata

ඉන්දියාව ඇතුලේ උඩින් ගමන් යන්න සුදානම්…

Helarata

Leave a Comment

Translate »