පින්කෙත

සසුන් කෙත පුරන් කරනු එපා…

කොරෝනා කොයිඩ් වසංගතය අද බහුලව ලොව පුරා අසන්නට ලැබෙන වචනයකි. අපේ රටේ අද මේ වසංගතයට කීදෙනෙක් ගොදුරු වෙලා ද? ලෝකයේ අද කී දෙනෙක් මිය ගිහින් ද? තොරතෝංචියක් නැතුව මේ වසංගතය පිළිබඳව ඇසෙන කතාවන්ය.

මෙනිසා ම මිනිස් සිතිවිලි වෙනස් වී ඇත. මෙතෙක් ආ ගමන වෙනසකට භාජනය විය යුතුය යන්න බොහෝ දෙනාගේ අදහස වී ඇත. ලෝකයේ ධනවත් රටවල් මේ වසංගතය වෙනුවෙන් දන ගසා ඇත දිනෙන් දින මියයන ප්‍රමාණයේ මිනිස් ජීවිත ප්‍රමාණය අඩුවීම දක්නට නොලැබෙයි .ධනවත් රටවල උද්දච්චකම නම් අඩු වී නොමැත .මෙම වසංගතය හරහා හීන වීරිය ඇතිකර ගත යුතුය යන්න අපගේ යෝජනාව නොවේ .කෙසේ නමුදු මුළු ලොවම ජීවිත සුරක්ෂිත කරගනිමින් යළිත් නැගී සිටිය යුතුය හරහා ලාංකිකයන් තුළ පොදු මතයක් ගොඩනැගී ඇත. යලි නැගී සිට අලුත් රටක් ගොඩනැගිය යුතුය යන්න සිතිවිල්ලක් පමණක් නොවිය යුතුය. ඒ යථාර්ථයක් බවට අප පත්කර ගත යුතුය අවස්ථා කිහිපයකදීම යලි නැගී සිට එකිනෙකා අතර විශ්වාසය දැහැමි බව සුරක්ෂිත කරගනිමින් අලුත් රටක් ගොඩනගාගත යුතුය සංකල්පය අප සිත් තුළ ඇති වූයේ කොළොන්නාවේදී පමණක් නොවේ සුනාමි අවස්ථාව තිස් වසරක යුද්ධයෙන් පසුව සහරාන්ගේ ප්‍රහාරයෙන් පසුව ආදී සිදුවීම් වලින් පසුව ද උක්ත සංකල්පය අප රට තුළ ඇති විය.

අමතක වීම හුදු හෙළ ගතිය කැයි යන්න තහවුරු කරමින් එම අලුත් රටක් යන සංකල්පය ඒ සෑම අවස්ථාවන්හි දී ම අපෙන් ගිලිහී ගියේය. අලුත් රටක් ගොඩනැගීමේ සංකල්පය යථාර්ථයක් කරගැනීමට ආර්ථිකය අධ්‍යාපනය පුද්ගල චර්යාවන් ආදිය වෙනස් විය යුතුය යන්න සඟ වෙද ගුරු ගොවි කම්කරු යන සෑම සමාජ ස්ථරයකම මතය වී ඇත. එහෙත් සාම්ප්‍රදායිකව පවත්නා හර පද්ධතීන්ට හානියක් නොවිය යුතුය. එසේම සියලු ආගමික ඉගැන්වීම් වලට පටහැනි නොවිය යුතුය. එමෙන්ම මූලික බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව ඇතමුන් තම පෞද්ගලික මත බෞද්ධ මතය යැයි දක්වමින් සමාජ ගත කිරීම බරපතල අපරාධයකි පශ්චාත් වසන්ත සමයේදී ගොවිතැනට මුල්තැන දෙමින් රට තුළ රටපුරා කෘෂිකර්මාන්තය දියුණුකොට ආර්ථිකය යම් ප්‍රමාණයකට ගොඩනඟාගැනීමට සිතීම ප්‍රශස්ත කරුණකි.

සෑම රටවැසියකු ගේම මූලික අදහස විය යුත්තේද එයයි .ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයකි. බුදුදහමට අනුව යමින් සිය ලෞකික හා ලෝකෝත්තර දියුණුව ට අවශ්‍ය පසුබිම තම තමන් විසින් සකස් කරගත යුතුය ගිහි සහ පැවිදි වශයෙන් රට වැසියන් බුදු දහමට අනුව දෙකොටසකි .

ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් භික්ෂුව භික්ෂුන් වහන්සේ සිය ගමන් මග මෙහෙයවා ගෙන කටයුතු කරන අතර ලෞකික දියුණුව ඇති කර ගනිමින් මෙය සුවපත් කරගන්නට ගිහි සමාජය වෙරදරයි. එනිසාම නිවනට යන ගමන භික්ෂුන් වහන්සේට සමීප වන අතර ගිහි සමාජයට එය තරමක් දුරස් ව පවතී. සංවර්ධනය බුදු දහමට අනුව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ .

ලෞකික දියුණුව වෙනුවෙන් ගිහි සමාජය උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා කල්‍යාණ මිත්තතා සමතාව ඇති කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ ‍ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී දීඝජානු කෝලිය පුත්‍රයාට පෙන්වා දුන් සේක. මෙහිදී උට්ඨාන සම්පදාව ලෙස දක්වා ඇත්තේ දැඩි උත්සාහයයි. එනම් දෑතේ දෙපයේ වීර්ය දහඩිය මහන්සිය දැහැමි බව යන ගුණාංගයන් තුළින් යමක් උපයාගෙන පරිභෝජනය කිරීමයි. උපයාගෙන පරිභෝජනය කිරීමයි. ඒ සඳහා බුදු දහමේ අනුමත ක්‍රමෝපායන් පැහැදිලි කොට ඇත.

දැහැමි වෙළඳාම රාජ්‍ය සේවය කෘෂිකර්මාන්තය ගව පාලනය හස්ත කර්මාන්තය ආදිය මෙහිදී පෙ අතීතයේ කෘෂි කර්මාන්තයෙන් අතීතයේ කෘෂිකර්මාන්තයෙන් හා කාර්මික අංශ තුළින් දියුණුවේ බොහෝ දුර ගිය රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා ඇත. අතීතයේ කෘෂිකර්මාන්තය නිසා අපේ අතීත මුතුන් මිත්තන් ආගමික චාරිත්‍ර විධීන් අනුගමනය කරමින් සාම්ප්‍රදායික සිරිත් විරිත් වලට පටහැනි නොවේ. දැහැමිව කෘෂිකර්මාන්තයේ නියැළුණි .පැවිදි සමාජය තුළින් ඒ සඳහා මූලික ආගමික ආශිර්වාදය සහ මාර්ගෝපදේශකත්වය ලබාගෙන සිය කටයුතු ආරම්භ කළ අතර ඒ සෑම අවස්ථාවකදීම කෘෂිකර්මාන්තය තුළ නියැළුණි.ඒ තුළ ආගමික නැඹුරුවෙන් යුතුව කටයුතු කරන්නට පෙළඹුණි. කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් සිය හදවත පුරවාගත් ලාංකිකයෝ සිය ජීවන වෘත්තිය කරගෙන යන්නට වග බලා ගත්හ. තමන් දැහැමිව උපයා ගත් අස්වැන්නෙන් කොටසක් විහාරස්ථානයට පූජාකොට සිය යුතුකම් හා සිරිත් විරිත් කළහ. ලාංකික සමාජයේ බෞද්ධ භික්ෂුව සෑම විටම ගිහි සමාජයේ අනුශාසක යෝ වූහ. බුද්ධ දේශණාවට අනුගත වෙමින් ආධ්‍යාත්මය සකසා ගන්නට වෙහෙස වූවාක් මෙන්ම ගිහි සමාජයේ යහපැවැත්මට ගමන් මඟ පෙන්වන පුරෝගාමියා බවටද භික්ෂුව පත්වූහ.

භික්ෂුව සුළු වරද කිව්වද බිය වූහ සෑම විටකම විනයානුකූලව කටයුතු කළහ. එසේ නොවුණේ නම් ශාසනය පිරිහෙන බව දුටුවහ. විනය ශාසනයේ ආයුෂ බව වටහාගෙන ක්‍රියා කළහ. තණකොළ ගසක් උදුරා දැමීම ඇවැතක් බව හඳුනා ගත්හ. එසේනම් උදැල්ල ඔසවා පොළොව කෙටීම තුල සිදුවන වැරැද්ද ඔවුහු දැන සිටියහ. දැන හෝ නොදැන සිදුවන වැරැද්ද සඳහා භික්ෂුව දිනපතා පැවැසූහ. පිරිවෙන් මානත අපාන යන විනය කර්ම කළහ. කුඹුරු වගා නොකොට පිණ්ඩපාතයෙන් යැපෙන බැවින් තමන් භික්ෂුව බව හඳුනා ගත්හ. ඛුද්දක නිකායට අයත් සීභාරද්වාජ සූත්‍රයේ දැක්වෙන ආකාරයට තමන්ගේ කෘෂිකාර්මික ජීවිතය කෙබඳු එකක්දැයි භික්ෂුව හඳුනා ගත්හ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සැබෑ පහස අත්වින්දාහ.

වරක් බුදුරජාණන් වහන්සේ ඒක නාලා නම් බමුණුගම වසන කල්හි කසීභාරද්වාජ නම් කෘෂිකර්මාන්තයෙන් යැපුන ගම වෙත වැඩම කළහ. කෙතෙහි සීසාමින් සිටි ඔහු උදේ අහර ගැනීමට සූදානම් විය. බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට එළැඹියේය .තමන් සීසා කුඹුරු වපුරා ගොවිතැන් කොට ආහාර අනුභව කරන බවත් බුදුරදුන්ට ද එසේ කරන ලෙස එසේ කොට ආහාරයෙන් යැපෙන ලෙස ඔහු කීවේය. තමන් වහන්සේද එසේම කොට වළඳන බව දේශනා කළහ. තමන් වහන්සේ වපුරන බීජ ශ්‍රද්ධාව බවත් දහර තපස බවත් සිය නඟුල් ප්‍රඥාව බවත් නගුලිස හිරිය හෙවත් ලැජ්ජාව බවත් බවත් හීවැල හා කෙවිට සිහිය බවත් උන්වහන්සේ පැවසූහ .කාය වාග් සුචරිතය ඇති කරගනිමින් මත්තඤ්ඤුතා ව හෙවත් ආහාරයෙහි පමණ දැන කටයුතු කරමින් සත්‍යවාදී වෙමින් ක්‍රියා කිරීම ගොයමෙහි වල් නෙළීම ලෙසත් පානය මගින් සසරින් ගැලවීම කෙසෙල් ගවයන් මුදා හැරීම ලෙසත් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ සීසෑමෙන් ලබන අස්වැන්නෙහි ඵලය ලෙසත් පෙන්වා දුන් සේක.

භික්ෂුවගේ කෘෂිකාර්මික දිවි පෙවත අපමණ සසර දුක් පීඩා විඳින සත්වයා එවැනි අස්වැන්නක් ලබන්නට වෙහෙස විය යුතු බව සම්බුද්ධ දේශනාවයි .බෞද්ධ භික්ෂුව අස්වැද්දිය යුත්තේ අමා ඵල ළඟාවන හෙවත් සරුසාර අස්වැන්නක් ලබා දෙන සාරකෙත කුස පුරවා ගන්නට සරු අස්වැන්නක් ලබන්නට ලෞකික අස්වැද්දීමේ සසර ගමන දිගුකරන වෙළඳාමට සත්ව ඝාතනයට සොරකමට බොරුවට වංචාවට භික්ෂුව හසුවේ දහම් කෙත වපුරා ගැනීමෙන් සසර ගමන නවතී. ඒ සඳහා අප අනලස්ව හීන වීර්යයෙන් තොරව උත්සාහ කට යුතු ය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය , ශාස්ත්‍රපති ඕනෑගම උපාලි මාහිමි

Related posts

වාහනයේ හිරවෙලා ඉන්නකොට මට හිතුනේ එදා අපවත්වෙයි කියලා..

Helarata

සසුන වනසන හිමිවරු නෙරපීමට රාමඤ්ඤ නිකායෙන් තීරණයක්…

Helarata

අම්මා ගිනි පෙනෙල්ලෙන් කට පිච්චුවාට පස්සේ මම කවදාවත් වැඩිහිටියෙකුට බැන්නේ නැහැ …

Helarata

Leave a Comment

Translate »