හෙළරට - විදෙස් පුවත්

ස්පාඤ්ඤය අරී….

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු ස්පාඤ්ඤයේ ප්‍රධාන මාස දෙකකට පසුව 25දා  විවෘත කෙරිණි.

ඒ අනුව මාස දෙකකට පසු පළම වතාවට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ප්‍රධාන උද්‍යාන සහ අවන්හල්, තේපැන්හල් විවෘත කිරීමට පියවර ගැනිණි. ස්පාඤ්ඤය මැයි 4 වැනිදා සිට ක්‍රමයෙන් ලොක්ඩවුන් සීමා ලිහිල් කරමින් සිටින අතර මේ වනවිට එහි දෙවැනි පියවරට පිවිස ඇත.

ස්පාඤ්ඤයේ ප්‍රධාන මෙට්‍රෝ නගරයක් වන බාර්සිලෝනා හි කොටස් විවෘත කිරීමට ද එරට බලධාරිහු පියවර ගත්හ. කෙසේ නමුත් සමාජ දුරස්ථභාවය සහ එක්රැස් වීමට අදාළ දැඩි සීමා ක්‍රියාත්මක වන අතර එක්රැස් විය උපරිම ගණන 10කි.

කුඩා සාප්පු ද විවෘත කළ හැකි නමුත් ඒවාට දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති ක්‍රියාත්මක වේ. දේවස්ථාන ඇතුළු වන්දනා කරන ස්ථාන විවෘත කරන නමුත් ඒවාට පැමිණිය හැක්කේ එම ස්ථානවලට පැමිණිය හැකි උපරිම සංඛ්‍යාවෙන් සියයට 30කට පමණි. 

Related posts

ඉන්දියාව කොරෝනාවෙන් කප් ගහන්න යයි…

Helarata

“අපි සන්සුන්ව සිටිය යුතුයි. ආරම්භයේ දී මෙන් ම පරෙස්සම් වන්න.” – කාවෝ ගුවැන්ජින් හුබෙයි උප ආණ්ඩුකාර

Helarata

විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් තර්ජන…

Helarata

Leave a Comment

Translate »