හෙළරට - දේශිය පුවත්

16,600ක් දුම්රිය ආසන වෙන්කරගෙන…

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සදහා 26 සිට ලබන සිකුරාදා දක්වා දුම්රිය 27 ක් පිට පළාත් වල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.
 
මීට අමතරව මහනුවර සහ බෙලිඅත්ත සිට නගරාන්තර දුම්රිය දෙකක් කොළඹ දක්වා ධාවනය කෙරේ.
 
හෙට මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල, මිරීගම, මහව සහ රාගම සිට දුම්රිය බැගින්ද වේයන්ගොඩ සිට දුම්රිය තුනක්ද, ගම්පහ සිට දුම්රිය දෙකක්ද, ධාවනය කෙරේ.

මීට අමතරව බෙලිඅත්ත, ගාල්ල සහ මොරටුව සිට දුම්රිය බැගින්ද අලුත්ගම, කලුතර, පානදුර සිට දුම්රිය දෙක බැගින්ද හලාවත සහ මීගමුව සිට දුම්රිය බැගින්ද, අවිස්සාවේල්ල, කොස්ගම, පාදුක්ක, හෝමාගම සහ කොට්ටාව සිට දුම්රිය බැගින්ද ධාවනය කරන බව ඔහු පැවසීය.
 
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ආසන වෙන්කරගෙන සිටින සේවකයින්ට අමතරව සේවා හැදුනුම්පත ඇති සේවකයින් සදහාද සීමීත ආසන ගණනක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් එම සේවකයන් සිය සේවා හැදුනුම්පත දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් කර දුම්රියේ ගමන් කිරීමට පහසුකම් සළසා ගන්නා ලෙස දැනුම් දෙන බවද පැවසු නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස්. පොල්වත්තගේ මහතා ආසන වෙන්කර නොගත් සේවකයන් දුම්රිය ස්ථානයට පැමිණෙන අනුපිළිවෙල අනුව ඔවුන්ට ආසන ලබාගැනීමට හැකිවෙන බවද කීය.

Related posts

මන්ත්‍රී සමඟ දෙන්නයි…

Helarata

Here’s Why Your Salad May Not Be The Most Healthy Meal

Helarata

“ඉටුකම’ යුතුකම අරඹයි..

Helarata

Leave a Comment

Translate »