හෙළරට - විදෙස් පුවත්

ඇඳිරිනීතිය අස්සේ ඔස්ට්‍රියාවේ ජනපති රැඳි සිටි අවන්හලට දඩ…

කොවිඩ් 19  වසංගතය හේතුවෙන් පනවා තිබූ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ ඔස්ට්‍රියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් සමාව ඉල්ලා තිබේ. 
 
රාත්‍රී 11.00 වන විට අවන්හල් වසා තැබිය යුතු බවට නියමකර ඇති අවස්ථාවක මධ්‍යම රාත්‍රිය පසුවී තිබුණ ද ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තවත් ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකු සමඟ අවන්හලක සිටියදී ආරක්ෂක වෙත හමුවී තිබුණි. 
 
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔස්ට්‍රියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිට ඇති අතර එයතමන් අතින් සිදුවූ අත්වැරදීමක් බව ප්‍රකාශ කර තිබේ. 
 
එම අවස්ථාවේදී කාලය ඉක්මවා යාම සම්බන්ධයෙන් නිසි අවබෝධයක්තමන් තුළ නොතිබූ බව පවසන ජනාධිපතිවරයා අවන්හලේ කීර්ති නාමයට යම් හානියක් සිදුවුවහොත්එහි වගකීම තමන් භාරගන්නා බවයි ප්‍රකාශ කර ඇත්තේ.  
 
ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැඳී සිටි අවන්හලට ඇදිරි නීති කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත අමෙරිකානු ඩොලර් 30,000 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

Related posts

ස්විඩනයේ සොෆියා කුමරිය හෙද සේවයට..

Helarata

ලෙබනන් පිපිරීමක්…

Helarata

සිම්බාබ්වේ දිගටම ලොක්ඩවුන්…

Helarata

Leave a Comment

Translate »