හෙළරට - විදෙස් පුවත්

කොරෝනා නීති නිසා නෙදර්ලන්ත අගමැති මවගේ අවමඟුලට නොයයි…

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට්ටේට සිය මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
 
ඒ බව අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශක වන ඩොමිනික් කමින්ග්ස් ‘කොවිඩ්-19’ නීතිරීති කඩකළ බව වාර්තා වීමත් සමඟ ය.

අවසාන කාලයේදී නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මව වන මීකේ රූට්ටේ ඩිලින්ග් (96) අසනීප තත්ත්වයෙන් පසුව ඇත. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ නීති හේතුවෙන් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාට අසනීප තත්ත්වයෙන් පසු වූ මව බැලීමට ද නොහැකි වී ඇත.
 
තම මව මියගිය බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ සඳුඳා, එනම් (25) වැනිදා ය. ‘ද හේග්’ නුවර පිහිටි සුව සේවා නිවසකදී සිය මව මැයි 13 වැනිදා අවසන් ගමන් ගිය බව ඔහු සඳහන් කළේය.
 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශක වන ඩොමිනික් කමින්ග්ස් ‘කොවිඩ්-19’ නීති උල්ලංඝණය කළ බව එරට මාධ්‍ය වාර්තා කරද්දි නිවේදනයක් නිකුත් කළ නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය අග්‍රාමාත්‍යවරයාගේ මව අභාවප්‍රාප්ත වූ බවත් අග්‍රාමාත්‍යවරයාට අවසන් කටයුතුවලට සහභාගී වීමට නොහැකි වූ බවත් සඳහන් කළේය.

‘‘අග්‍රාමාත්‍යවරයා සියලු උපදෙස් නියමිත පරිදි පිළිපැද්දා’’ යැයි නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය. කොරෝනා වයිරසය සීමා කිරීම සඳහා පැනවූ නීති හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට අසනීප තත්ත්වයෙන් පසු වූ මව බැලීමට නොහැකි වූ බවත් එමෙන්ම ඔහුට සිය මවගේ අවසන් කටයුතුවලට පවා සහභාගී වීමට නොහැකි වූ බවත් ප්‍රකාශකයා කීය.

කෙසේ නමුත් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මව මියගොස් ඇත්තේ කොරෝනා වයිරසයෙන් නොවන අතර ඇයට තිබූ වෙනත් රෝගී තත්ත්ව උත්සන්න වීමෙන් යැයි නෙදර්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණි.

අනෙකුත් යුරෝපීය රටවල් හා සැසඳීමේදී නෙදර්ලන්තය දැඩි සීමා පනවමින් ‘‘ලොක්ඩවුන්’’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිහිටි නිවාස, සුව සේවා මධ්‍යස්ථානය යනාදිය යෑම ද තහනම් කෙරුණි.අග්‍රාමාත්‍යවරයාගේ මව මරණාසන්න වූයේත්, අවසන් සුසුම් හෙළුවේත් එම තහංචි පවතිද්දීය.
 
‘‘මට මගේ අම්මා බලන්න බැරිවුණා. ඇය අවසන් සුසුම් හෙලද්දී, මට ළඟ ඉන්න බැරිවුණා. අගමැති වුණත් මට විශේෂයක් ලබා ගන්න විදියක් නැහැ. මා සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. සෞඛ්‍ය අංශ පනවා ඇති නීතිවලට යටත් විය යුතුයි. මට අම්මගේ අවසන් කටයුතුවලටවත් සහභාගී වෙන්න බැරි වුණා’’ යැයි නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි.
තනි පුද්ගලයන්ට සුව සේවා මධ්‍යස්ථාන, වැඩිහිටියන් රැකබලාගන්නා මධ්‍යස්ථානවලට යෑමට සඳුඳා (25) සිට අවසර දුන් අතර දැනට පවතින සීමා ලිහිල් වෙන්නේ ජූනි 15 වැනිදාය .

මේ අතර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වැනි නගර සංචාරකයන් සඳහා විවෘත කිරීමට ද එරට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

නෙදර්ලන්තයේ  (26) පස්වරු 1.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 45,445ක් වූ අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 5,830ක් විය.

Related posts

මැඩෝනාට කොරෝනා..

Helarata

ඇමෙරිකාවේ ආසාදිතයින් ලක්ෂ 15 යි….

Helarata

ජපානේ හදිසි නීතිය දීර්ඝ කරන්නැයි ඉල්ලයි..

Helarata

Leave a Comment

Translate »