හෙළරට - දේශිය පුවත්

ගල්කිස්සේ රැඳිසිටි 3000ක් ගම්බිම්වලට…

කොරෝනා රෝගය පාලනය කිරීමට පනවන ලද ඇදිරිනීතිය හේතුවෙන් තම ස්ථීර පදිංචි වාසස්ථාන වෙත යා නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටි පිරිස් නැවත ගම්බිම් කරා පිටත් කර යවන ලදි.

ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම්වල රැදී සිටි 3000 කට අධික පිරිසක් (26) පිලියන්දල බස් නැවතුම්පොළ අසලින් සහ ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත්කර හරින ලදි.


බස්නාහිර පළාත් ආන්ඩුකාර කාර්යාලයේ මෙහෙයවීමෙන් පොලිසියේ සෘජු මැදිහත්වීමෙන් මූලික වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව ලංගම බස්රථ හා දුම්රිය යොදා ගනිමින් දිස්ත්‍රික්ක 24 ක් වෙත මෙලෙස පිටත් කර යවන ලදී .

ඒ අනුව මෙම වැඩසටහන යටතේ මේ වන විට බස්නාහිර පළාතේ රැදී සිටි 20000 කට ආසන්න පිරිසක් සිය ස්ථීර වාසස්ථාන වෙත නැවත සුරක්ෂිතව යොමු කර ඇත.

Related posts

5 Ways To Travel Smarter In Vietnam, And Have Stories To Tell

Helarata

නුවරඑළියට ඇදිරි නිතීය..

Helarata

නවතම ඇදිරි නීතිය සහ ජන ජිවිතය යථාතත්වයට පත්කිරීම ..

Helarata

Leave a Comment

Translate »