හෙළරට - කාලගුණික පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක් ….

කාලගුණ දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල කාලගුණ වාර්තාව ,
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු  පළාත්වලසමහර ස්ථානවලමි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද ඇති විය හැක.

සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

වත්තල, හුනුපිටිය, ගිනිගත්හේන අද ඉර මුදුන්වේ.

Helarata

සවස 2 පසු වැසි…

Helarata

අද හවස ⁣2.00 පසුව වැසි

Helarata

Leave a Comment

Translate »