හෙළරට - දේශිය පුවත්

උඩින් යන්න මත්තලට එන අයට සහන…

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කරන මගීන්ට හා ගුවන් තොටුපොළ භාවිත කරන ගුවන් යානා සඳහා වසර දෙකක කාලයක් සඳහා සහන රැසක් ලබාදීමට වත්මන් රජය කටයුතු කර ඇතැයි මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය පවසයි.


ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ භාවිත කරන සියලු ගුවන් මගීන්ගෙන් ඩොලර් 60ක් පමණ වන ගුවන් තොටුපොළ බද්ද වසර දෙකක් යනතෙක් අය නොකෙරේ. මත්තල ගුවන්තොටුපොළට එන සියලු ගුවන් යානාවලින් ගුවන් යානා ගොඩබෑමේදී හා ගුවන් යානා නවතා තැබීමේදී අයකරන ගාස්තුවද වසර දෙකක් යනතෙක් අය නොකිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ තුළින් දිනපතා පැමිණෙන ගුවන් යානා සඳහා විශාල ලාභයක් අත්කර ගැනීමට හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි. පසුගිය රජය කාලයේ භාවිතයට නොගෙන අතහැර දමා තිබුණු මත්තල ගුවන්තොටුපොළ වත්මන් රජය යටතේ යළි සක්‍රිය ගුවන් තොටුපොළක් බවට පත්කෙරේ.

ඒ වෙනුවෙන් මෙම විශේෂ තීන්දුව ගෙන ඇති බවත්, එමගින් කටුනායක ගුවන්තොටුපොළ තුළ ඇතිවන අනවශ්‍ය තදබදය අවම කිරීමට හැකිවන බවත් ඒ අනුව ගුවන් යානා වැඩි ප්‍රමාණයක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට ගෙන්වා ගැනීමට හැකිවෙනු ඇතැයි කියයි.

Related posts

අඛණ්ඩව මාසයක් ඇඳිරිනීතිය පනවන්න..

Helarata

සෞඛ්‍ය ඇමැතිනිය මහනාහිමිවරුන්ට රටේ සෞඛ්‍ය ගැන කියයි …

Helarata

කොරෝනා මැඬලන අයට ගුවනින් මල්.. ( Photo)

Helarata

Leave a Comment

Translate »