හෙළරට - දේශිය පුවත්

The Sri Lankan Prime Minister expresses his regrets over the demise of The Chief Prelate as a loss of a friendly monk to himself.

පිනෑං නාහිමිගේ අපවත්වීම ගැන අගමැති සොව පළකරයි…

ථෙරවාද බුදුදහම මැලේසියාවේ ප්‍රචාරය කිරිම සදහා ඉමහත් කැපවිමක් කළ මැලේසියාවේ පිනෑං මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියන්ගේ අපවත්විමෙන් බරපතල පාඩුවක් සිදුවිනැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියන්ගේ අපවත්විම සම්බන්ධයෙන් අගමැතිවරයා නිකුත් කළ ශෝක ⁣පණිවිඩය මෙසේය.

මැලේසියාව පිනෑන් අංක 02 ජලන් කම්පාර්, 10460 හි පිහිටි මහින්දාරාම මහා විහාරාධිපති, අමත නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානය, සිංගප්පූරු බෞද්ධ මධ්‍යස්ථානය, කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යන ස්ථානයන්හි නිර්මාතෘ හා ආගමික කටයුතු උපදේශක, ආචාර්ය ඇල්ගිරියේ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන්, මම බලවත් සංවේගයට පත්වීමි.


මැලේසියාවේ වසර 25කට වැඩි කාලයක් වැඩවසමින් තම ස්ථාන කේන්ද්‍රීයව ජාතික ආගමික හා සංස්කෘතික කටයුතු රැසක් ඉටු කළ නායක ස්වාමින් වහන්සේ ආදර්ශමත් නිහතමානී සංඝ පීතෘවරයෙකි.


වර්ෂ 2004 දී මෙරට සිදු වූ සුනාමි ඛේදවාචකය ඇතුළු විවිධ අවස්ථාවන්හි දී අසරණ ජනතාව වෙත කිහිලිකරු, රෝද පුටු වැනි විවිධ පරිත්‍යාග සිදු සිදු කරමින් සිදුකල සේවාව අපමණය. එසේම අවතැන් වූ ජනතාව වෙත නිවාස තනා පරිත්‍යාග කිරීම ද මෙයින් ප්‍රධාන වේ.

මැලේසියාවේ බෞද්ධ ජනතාව හා එක්ව අමිත බෞද්ධ මධ්‍යස්ථානය අනුබද්ධිතව විහාරස්ථාන හා රෝහල් වෙත ගිලන්රථ ලබාදීම සැමගේ ප්‍රසාදයට පත් වූ කරුණකි.
මැලේසියාවේ හා ශ්‍රී ලංකාවේ ජනතාව අතර ථෙරවාදී බුදු දහම ප්‍රචලිත කිරීම පිණිස, එරට ජනතාව වෙත තාවකාලික පැවිද්ද ලබා දෙමින් ශාසනික කටයුතු රැසක් ඉටු කළ නායක ස්වාමීන් වහන්සේ, මහනුවර උතුම් ශ්‍රී දළදා වහන්සේ වෙත වාර්ෂිකව සිදු කළ විවිධ පූජාවන් ද උන්වහන්සේට ගෞරවයක් පිණිස මෙම සංවේග ජනක අවස්ථාවේ දී සිහිපත් කිරීමට කැමැත්තෙමි.


මගේ දේශපාලන හා පෞද්ගලික ජීවිතයේ දී මිත්‍රශීලීව කටයුතු කළ නායක ස්වාමීන් වහන්සේ සැමවිටම දයා කරුණා ගුණයෙන් යුතු මහා ථෙර නමකි. උන්වහන්සේගේ අපවත්වීම අපට පමණක් නොව මුළු මහත් ලෝකයට ම සිදු වූ සුවිශාල පාඩුවකි.
පුරා වසර 66 ක්, ආයුවළඳා අපවත් වී වදාළ ආචාර්ය ගෞරවාර්හ ඇල්ගිරියේ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරන අතර, උන් වහන්සේගේ ශිෂ්‍ය හා සහෝදර භික්ෂූන් වහන්සේලාටත්, විහාරස්ථ දායක සභාවටත්, මැලේසියා රජයට හා එම රට වැසියන්ටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුදකරමි.

ධර්ම ශ්‍රී තිලකවර්ධන

Related posts

ඇමැති තොණ්ඩමන්ට මැතිසබයේ අවසන් ගෞරව…

Helarata

අසිරිමත් තෙමඟුල අවබෝධයෙන් සමරමු!!!

Helarata

මඟුල් ගෙදරින් පසු අමුත්තෝ රෝහලට….

Helarata

Leave a Comment

Translate »