හෙළරට - දේශිය පුවත්

Condolences of the Siyam Sept of the Asgiri Maha Vihara.

We are deeply saddened by the sudden demise of Venerable Algiriye Indaratana Thero, the Ceif Prelate of Sri Mahindaramaya, Penang, Malaysia, who was a preeminent Maha Thera in the travail of international Buddhist Missionary.


Algiriye Indraratana Thero, who had a keen knowledge of the Thripitaka Dhamma and international languages, is a Maha Thero who has done tremendous social services to Sri Lanka while being centered in Malaysia.


  Ven. Indrarathana Thero launched various programs to guide his subordinates and laymen  to create a better mental state for the success of their worldly lives and their hereafter. He introduced the temporary monastery to help the people of Malaysia who have busy lives. With our advice, he has also conducted such programmes in the historical Polonnaruwa and Kandy areas. He was a humble and an immensely compassionate Thero who has done many welfare services such as building houses for the homeless in Sri Lanka and helping the sick in numerous ways.


The prelate, who had set his own habits into keeping up with the ancient traditions of the Sangha lineage in Sri Lanka, advised his students to live accordingly. The Sangha Sabhas and Universities of Sri Lanka had felicitated Indarathana Thero in recognition of his services. I am deeply saddened by the my inability to participate to the funeral of Algiriye Indaratana Nayaka Thero – the spiritual leader of the Chinese Buddhists in Malaysia who rendered a great service to the Buddha Sasana and the International Buddhist Missionary – which in normal conditions a must for me to attend, due to the prevailing situation in the world. I believe that the late Maha Thero’s services for the poor and helpless people will alone be enough for him to support in his journey to attain the supreme bliss of Nibbana. One day in the future, when the history of Penang’s Buddhist revival is written, the Chief Prelate Algiriye Indarathana Thero’s name will be written in golden letters.
May Algiriye Indarathana Thero, the pioneer of the Buddhist revival in Penang, Malaysia, attain the supreme bliss of Nibbana.

The Most Venerable Vendaruwe Upali Thero,
The Deputy Cheif Prelate,
The Asgiri Chapter of the Siam Maha Sept,
Kandy,
Sri Lanka.

Dharmasri Thilakawardena





ඇල්ගිරියේ නාහිමිගේ අපවත්විම ජාත්‍යන්තරයටම සිදුවු පාඩුවක්

අස්ගිරි අනුනාහිමි

ජාත්‍යන්තර ධර්මදූත සේවාවේ ඉහළින්ම වැජඹුණු මහ තෙරනමක්වු මැලේසියාවේ පිනෑන් හි ශ්‍රි මහින්දාරාමාධිපති පූජ්‍ය ඇල්ගිරියේ ඉන්දරතන මහ ස්වාමින් වහන්සේගේ හදිසි අපවත්විම අසා අප මහත්සේ සංවේගයට පත්වු බව අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක වේඬරුවෙි ශ්‍රි උපාලි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

එම නිවේදනය මෙසේය.

ත්‍රිපිටක ධර්මය පිළිබඳව මෙන්ම ජාත්‍යන්තර භාෂා පිළිබඳව හසළ දැනුමකින් හෙබිව සිටි ඇල්ගිරියේ ඉන්දරතන ස්වාමින් වහන්සේ මැලේසියාව කේන්ද්‍ර කරගෙන ශ්‍රි ලංකාවට විශාල සමාජ සේවා රැසක් සිදුකළ මහ තෙරනමකි.


තම දායක පිරිසගේ පරලොව දිවිය සාර්ථක වීමට මඟ පෙන්වීම සේම ඔවුන්ගේ මෙලොව දිවිය සාර්ථකව කරගෙන යෑමට යහපත් මානසික තත්වයක් ඇතිකිරිම සදහා ඉන්දරතන මාහිමියෝ විවිධ වැඩසටහන් දියත් කළහ. කාර්ය බහුල දිවියක් ගතකරන මැලේසියාවේ ජනතාවට මානසික සුවයක් ලබාදිම සදහා තාවකාලික පැවිද්ද හදුන්වා දුන් උන් වහන්සේ අපගේද අනුශාසනා පරිදි ලංකාවෙ ඓතිහාසික පොලොන්නරුවේ හා මහනුවරදි එවන් වැඩසටහන් ක්‍රියාත්මක කළහ. එසේම ලංකාවේ නිවාස අහිමිවුවන්ට නිවාස ඉදිකරදිම,අසරණ රෝගින්ට විවිධ ආකාරයෙන් පිහිටවිම ආදි සුබසාධන සේවා රැසක්ම සිදුකළ උන්වහන්සේ නිහතමානි, ඉතා කාරුණික යතිවරයන් වහන්සේ නමකි.


ලංකාවෙි ඉපැරණි සංඝ පරම්පරාව ආදර්ශයට ගනිමින් සිය ඇවතුම් පැවතුම් සකස්කරගත් නාහිමියෝ ඒ අනුව ගමන් කිරිමට සිය ශිෂ්‍ය පිරිසටද අනුශාසනා කළහ.මුන් වහන්සේගේ සේවාව අගයමින් ශ්‍රි ලංකාවේ සංඝ සභා හා විශ්ව විද්‍යාල සම්මාන උපහාර පිදු අවස්ථාද වෙති. සම්බුද්ධ ශාසනයට ජාත්‍යන්තර ධර්මදූත සේවාවට මහගු සේවාවක් සිදුකළාවු මැලේසියාවේ චීන බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික නායකයාණන් වු ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිගේ අවසන් කටයුතු සදහා අත්‍යවශ්‍යයෙන්ම සහභාගිවිය යුතු වුවත් ලෝකයේ පවතින වතාවරණය නිසා ඊට අවස්ථාවක් නොලැබිම ගැන මම මහත්සේ සංවේගයට පත්ව සිටිමි.


අපවත්වි වදාළ මහ තෙරුන් වහන්සේ ජීවමනාව සිටියදි අසරණ ජනයා උදෙසා කළ සේවාවම උන් වහන්සේගේ නිවන් මඟට හේතුවනු ඇත.කෙදිනක හෝ පිනෑං බෞද්ධ ප්‍රබෝධය පිළිබඳව අනාගත සටහන් තබන අවස්ථාවක එහි අපේ ඇල්ගිරියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ නාමය රන් අකුරෙන් ලියවෙනු ඇත.


පිනෑං හි බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයාණන්වු අපවත්වි වදාළ නායක ස්වාමින් වහන්සේට උතුම්වු නිවන් සුවය අත්වේවා.

අතිපූජ්‍ය වේඬරුවෙි ශ්‍රි උපාලි අනුනායක හිමි
ජ්‍යෙෂ්ඨ අනුනායක,
සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවය,
මහනුවර .

Related posts

අගමැති සිතුල්පව්වේ ආගමික වතාවත්වල…

Helarata

ආයුර්වේදය සම්බන්ධයෙන් තීරණ කීපයක් – ජනාධිපති කාර්යය සාධක බලකාය

Helarata

අප සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කළ යුතුයි….

Helarata

Leave a Comment

Translate »