හෙළරට - දේශිය පුවත්

පලතුරු කෝච්චි එයි…

දිවයිනේ විවිධ පළාත්වල නිපදවන කෘෂිකාර්මික බෝග නගරවලට ප‍්‍රවාහනය කිරීම සදහා දුම්රිය යොදාගන්නැයි මගී ප‍්‍රවාහන කළමණාකරන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුමිරිය සාමාන්‍යධිකාරිවරයාට උපදෙස් දී තිබේ.

දැනට සිදුකෙරෙන අන්දමට එළවළු හා පළතුරු ප‍්‍රවාහනයේ දී විශාල නාස්තියක් සිදුවන අතරම විශාල පිරිවැයක් ද දැරීමට සිදුව තිබෙන බවත් එය පාලනය කරගනිමින් දුම්රියෙන් විශාල තොගයක් එකවර ප‍්‍රවාහනය කළ හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි යාපනය, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, පුත්තලම, නුවරඑළිය, බෙලිඅත්ත, වැනි ප‍්‍රදේශවල සිට එම නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට ප‍්‍රවාහනය කිරිම සදහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇතැයි අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.

බහලූම් ප‍්‍රවාහනයේ දී ද දුම්රිය යොදා ගැනීමේ හැකියාව පිළිබදව අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බවත් ඒ සදහා දුම්රිය තට්ටු ඇණියක් සැකසීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද හෙතෙම සදහන් කළේය.

Related posts

කොරෝනා මර්දනයට මාධ්‍ය සතු කාර්යභාරය ජනපති පැහැදිලි කරයි.

Helarata

මාවනැල්ල ගංවතුරින් යටවීම අවම කිරිමට සැලසුම් ….

Helarata

භාතිය සංතුෂ් සංගීතයේ මුදල් කොවිඩ් අරමුදලට ….

Helarata

Leave a Comment

Translate »