හෙළරට - දේශිය පුවත්

පිනෑං නාහිමි සිහිකර ලංකාවේ පාංශකූල පින්කමක්…

අපවත්වි වදාළ මැලේසියාවේ පිනෑං ශ්‍රි මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිපාණන්ට පින් අනුමෝදන් කිරිමේ පාංශකූල පින්කමක් කටාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවැත්විණ.


කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිගේ අනුශාසනා පරිදි ආරම්භ කළ විහාරස්ථායකි.එම ස්ථානය කේන්ද්‍ර කරගෙන උන් වහන්සේ සමාජ සුබසාධන සේවා රැසක් සිදුකළහ.


පවතින වෛරස් තත්වය හමුවේ ශ්‍රි ලංකාවෙන් මැලේසියාවට කිසිවෙකුට යෑමට නොහැකි නිසා මෙලෙස මහ සංඝරත්නය පටිපසා බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම කර ආගමික වතාවත් ඉටුකළහ.එම අවස්ථාවට අපවත්වු නාහිමියන්ගේ ඤාතින්ගේ සහභාගිවුහ.

ජනක හෙට්ටිආරච්චි

Related posts

පාසල්වලට උපදෙස් සහිත චක්‍රලේඛයක්..

Helarata

ඩුබායි හි 30ක් ලංකාවට ගෙන්වා ගන්නැයි ඉල්ලති….

Helarata

තිළිණපත් වෙනුවට නිල ඇඳුම්….

Helarata

Leave a Comment

Translate »