හෙළරට - දේශිය පුවත්

ස්වයං රැකියා යළි ඇරඹිමට පියවර…

අඛණ්ඩව දින 66 ක් පුරා පැවතුණු ඇදිරිනීතිය හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු සිදුකිරීමට නොහැකිව සිටි ස්වයං රැකියා නියුක්තිකයින් හට සිය ව්‍යාපාරික කටයුතු ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශ හා මගපෙන්වීම යටතේ ආරම්භ කිරීමට (29) සිට අවස්ථාව ලැබුනි.

එය චාම් උත්සවයකින් ආගමික ආශිර්වාද මධ්‍යයේ විහාරමහා දේවී උද්‍යානයේදී ආරම්භ කෙරුණු අවස්ථාවේ දී පිලියන්දල සිරි තිසරණ ධර්මායතනාධිපති පූජ්‍ය ඇඔිළිපිටියේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරක්ෂක ඇදුම් කට්ටල හා මුඛ ආවරණ තොගයක් ද ස්වයං රැකියා නියුක්තිකයින්ගේ භාවිතය සදහා පරිත්‍යාග කරන ලදී .

මෙම අවස්ථාවට සෞඛ්‍ය බලධාරීන් , සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමයේ සභාපති ඇතුළු සාමාජිකයින් , පලාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධ වන ලදී.

මේ යටතේ ඩිමෝ බට්ටා , ත්‍රීරෝද රථ , ජංගම වෙළද රථ , මගින් වෙලදාම් කරන වෙළද ප්‍රජාවට මෙන්ම දුම්රිය හා බස්රථ ආශ්‍රිතව වෙළෙඳාම කරන වෙළද ප්‍රජාවට සහ පදික වෙලදුන්ට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලැබී ඇත. නමුත් බස් රථ හා දුම්රිය ආශ්‍රිතව ජංගම වෙළෙඳාම සිදුකරන වෙළදුන්ට බස් රථ වලට හෝ දුම්රියට නැගීම තාවකාලිකව තහනම් කර තිබීම විශේෂත්වයකි.

Related posts

ඇත්දළ තබාගත් කපුවා කපෝති….

Helarata

කෑගල්ලේ උපකාරක පන්ති තාවකාලිකව නතර කෙරේ…

Helarata

විදෙස් සංචාරකයන්ට පොදු ප්‍රවාහනය තහනම්…

Helarata

Leave a Comment

Translate »