හෙළරට - විදෙස් පුවත්

The Chief Prelate of Penang parts for ever…පිනෑං නාහිමියෝ අද සදහටම සමුගනිති..

The Venerable Dr. Algiriye Indaratana Nayaka Thero, the Chief Incumbent of the Sri Mahindaramaya of Penang in Malaysia, who has been a Maha Thera while rendering an enormous service to the International Buddhist Missionary and the Sambuddha Sasana, will be going on his final journey today (29).
The Chief Prelate who has been living a life of transcendent virtue, was ordained in his childhood. Born on 1954, he was spending his 66th year.


The Prelate who bravely expressed his opinions whenever a social, religious or a national crisis arose in Sri Lanka was famed to be a humble Maha Thero and was respected by all clergy and laymen.
The Maha Thero who harboured a keen knowledge of Thripitaka Dhamma and international languages was the pioneer of the Buddhist revival in Penang, Malaysia. It is extremely regrettable that due to the current COVID-19 pandemic situation no one from Sri Lanka is able to attend the Prelate’s cremation rituals.


To pay their final respect to the Mahanayaka Thero’s sacred remains, people visited Sri Mahindaramaya, time to time, while abiding by the current laws imposed to control the pandemic situation.
The cremation ceremony will be held today at 2.00pm in Penang, Malaysia.

Dharma Sri Thilakawardhane

ජාත්‍යන්තර ධර්ම දූත සේවාවට මෙන්ම පොදුවේ සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවාවක් සිදුකළාවු මහ යතිවරයාණන් වහන්සේ නමකවු මැලේසියාවේ පිනෑං ශ්‍රි මහින්දාරාමය ඇතුළු විහාරස්ථානයන්හි අධිපති ආචාර්ය අැල්ගිරියේ ඉන්දරතන නායක මාහිමිපාණන් වහන්සේ අද (29) සදහටම සමුගනිති.


1954 දි උපත ලබා ළමා වියේදිම පැවිදිබව ලැබ උතුම්වු ශාසනික දිවිපෙවෙතක් ගතකළ නාහිමියෝ අපවත් වෙනවිට 66 වෙනි වියෙහි පසුවුහ.


අසරණ පිරිස් වෙත මහත් කරුණාවකින් පිහිටවු උන් වහන්සේ ශ්‍රි ලංකාවේ නිවාස අහිමි අයට නිවාස ඉදිකර දුන්නාසේම අසරණ රෝගින් උදෙසා විවිධ සත්කාර කරමින් කළ සේවාව අති උදාරය.


ශ්‍රි ලංකාවේ ජාතික ආගමික හා සමාජයිය ගැටලුවලදි අභිතව සිය අදහස් පළකළ උන් වහන්සේ ඉතා නිහතමානි මහ තෙරනමක් වශයෙන් ගිහි පැවිදි සැමගේ ගෞරවයට පාත්‍රව සිටියහ.ත්‍රිපිටක දහම මෙන්ම ජාත්‍යන්තර භාෂා පිළිබඳ පෘථුල දැනුමකින් හෙබිව සිටි නාහිමියෝ මැලේසියාවේ පිනෑංහි බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයාණන් වුහ.

මැලේසියාවේ පිනෑං මහින්දාරාමය 1918දි ජී.ප්‍රේමරතන නාහිමි විසින් ආරම්භ කර ඇත.උන් වහන්සේගේ අපවත්විමෙන් පසු ඩබ්ලිව්.සුමනසාර හිමියෝ විහාරාධිපති ධුරයට පත්වුහ.කේ.ගුණරතන මාහිමියන් විහාරාධිපති ධුරයට පත්වන්නේ 1933 දිය.එම්.ඒ.ශ්‍රි ධම්මදින්න උපනන්ද මාහිමියෝ 1964 දි විහාරාධිපති ධුරයට පත්වු අතර උන් වහන්සේ ගේ අපවත්විමෙන් 1974දි ජි.ප්‍රේමරතන නාහිමියෝ අධිපතිත්වයට පත්වෙති.පසුව 1995 සිට විහාරාධිපති ධුරය හෙබවුයේ අද සදහටම සමුගන්නා ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිපාණන් වහන්සේය.මහින්දාරාමයේ වත්මන් දියුණුවේ පුරෝගාමියා වන්නේද ඉන්දරතන නාහිමියන්ය.මෙම විහාරයෙහි ඇති බෝධින් වහන්සේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත බෝධියකි.චීන ජනතාව නිතරම කිරි පුජා කිරිම නිසා එය කිරි බෝධිය ලෙස ප්‍රකටය.

වර්තමානයේ කොරෝනා වසංගත තත්වය නිසා ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිගේ ආදාහන පූජෝත්සවයට ශ්‍රි ලංකාවෙන් කිසිවෙකුට සහභාගිවිමට නොහැකිවිම කනගාටුවට කරුණකි.නාහිමිගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්විමට පවතින නීති අනුව වරින්වර පිරිස් මහින්දාරාමයට ඇදි ආහ.
අද සවස 2.00ට නාහිමිගේ ශ්‍රි දේහය ආදාහන පූජෝත්සවය පිනෑංහිදි පැවැත්වේ.

ධර්ම ශ්‍රි තිලකවර්ධන

Related posts

ටික් ටොක් තහනමෙන් ගීත් දුකෙන්….

Helarata

රෝහින්ග්‍යා බෝට්ටුව බංග්ලාදේශයට සේන්දු වෙයි….

Helarata

ආර්මෙිනියාවෙි අගමැතිට කො⁣රෝනා …

Helarata

Leave a Comment

Translate »