හෙළරට - විදෙස් පුවත්

The Penang Prelate’s cremation ceremony carried out in a simple manner..

පිනෑං නාහිමිගේ දේහය වැඩමවද්දි චීන ජාතිකයෝ මහ පාරේ වැතිර නමස්කාර කරති….

අපවත්වි වදාළ මැලේසියාවේ පිනෑං හි ශ්‍රි මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉතා චාම් අන්දමින් පිනෑං හිදි සිදුකෙරිණ.
කොරෝනා වෛරස් තත්වය මත මැලේසියාවේ පනවා ඇති නිතිරිති අනුව ඉතාම සුළු පිරිසකට සීමාවෙමින් මෙම ආදාහන පුජෝතසවය පැවැත්විම විශේෂත්වයක් විය.


මෙහිදි ආගමික වතාවත් ඉටුකිරිමෙිදි මැලේසියාවේ ප්‍රධාන සංඝනායක කිරින්දේ ධම්මරතන නාහිමියෝ කෙටි අනුශාසනාවක් කළහ.


ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියෝ පිනෑං බෞද්ධ ප්‍රබෝධය ඇතිකිරිමට විශාල සේවාවක් සිදුකළ බවත් , මහින්දාරාමය කේන්ද්‍ර කරගෙන උන් වහන්සේ ශ්‍රි ලංකාවෙිද සමාජසේවා රැසක් සිදුකළ බවත් පැවසුහ.
එසේම මේ වනවිට තරුණ වියේ පසුවන ඉන්දරතන හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් සිය ගුරු හිමියන් ආදර්ශයට ගනිමින් සම්බුද්ධ ශාසනයටත් දායකයන්ටත් උපරිම සේවාවක් කිරිමට සිතාගත යුතුබවත් කිරින්දේ ධම්මරතන නාහිමියෝ පැවසුහ.


අනතුරුව අපවත්වු නාහිමිගේ ශීෂ්‍ය සූරියවැවේ ධම්මවංශ හිමියෝ පුන්‍යානුමෝදනාව පවත්වන ලදි.


දේහය රැගත් රිය පෙරහර පිනෑන් හි Batu Gantong ආදාහනාගාරයට යෑමෙන් පසු දේහය ආදාහනය කරන ලදි.දේහය රැගෙන යන මග දෙපස රැස්ව සිටි චීන බෞද්ධ ජනතාව බිම වැතිරෙමින් නාහිමිගේ දේහයට අවසන් ගෞරව දක්වන ආකාරය දක්නට ලැබිණ.

පවතින තත්වයන් හමුවේ ඉතාම චාමි අන්දමින් ආදාහන කටයුතු සිදුකිරිමට සිදුවු බවත්, නාහිමි වෙනුවෙන් සංවේගය පළකර පණිවිඩ එවු අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි ඇතුළු මහ සංඝරත්නයටත්,විවිධ රටවල සංඝනායක හිමිවරුන්ටත් ශ්‍රි ලංකාවෙි ජනාධිපති අගමැති ඇතුළු සැමටත් ස්තුතිවන්ත වෙන බව අපවත්වු නාහිමිගේ ශිෂ්‍ය ගතාරේ ඤාණාලංකාර හිමියෝ හෙළරට පුවත් සේවයට පැවසුහ.

ධර්ම ශ්‍රී තිලකවර්ධන

The Penang Prelate’s cremation ceremony carried out in a simple manner.

The cremation ceremony of the late Ven. Algiriye Indaratana Nayaka Thero, the Chief Prelate of Sri  Mahindaramaya in Penang Malaysia was carried out in a very simple way.


A special feature of this function was that it was restricted to a few number of people according to the newly imposed laws in Malaysia due to the prevailing COVID-19 pandemic.


The Chief Incumbent of Malaysia, Venerable Kirinde Dhammaratana Thera, delivered a brief discourse after the religious observances.


He mentioned that Algiriye Indraratana Thero, who had a keen knowledge of the Thripitaka Dhamma and international languages, has done tremendous social services to Sri Lanka while being centered in Malaysia.


The Venerable Kirinde Dhammaratana Thera further said that the young student theros of the late Prelate should be determined to render their maximum service to the Sambuddha Sasana and its donors and laymen, taking their mentor’s life into example.


Thereafter,Suriyawawe Dhammawansa Thero, a student thero of the late Chief Prelate conducted the ‘Punyanumodana’ sermon.


The cremation was finally carried oit after the funeral procession reached the crematorium in Penang.
The late Prelate’s student, Venerable Gathare Gnanalankara thero stated to Helarata News that the cremation ceremony had to be conducted in a simple manner due to the currnent situation, and that he sincerely thanks all parties who had sent their condolences icluding the Deputy Chief Incumbent of the Asgiri Chapter and Maha Sangha, Chief Incumbents from around the world, the President of The Democratic Socialist Republic of Sri Lanka H.E. Mr. Gotabhaya Rajapaksha and the Prime Minister of The Democratic Socialist Republic of Sri Lanka Hon. Mr. Mahinda Rajapaksha.

Dharmasri Thilakwardhana

Related posts

පැරණි මරණයක් සිහිකර ප්‍රංශයේ විරෝධතා….

Helarata

කොරෝනාවෙන් ඔස්ට්‍රෙිලියාවේ ලක්ෂ 6කට රැකියා අහිමිවෙලා…

Helarata

ඉන්දියාව කොරෝනාවෙන් කප් ගහන්න යයි…

Helarata

Leave a Comment

Translate »