හෙළරට - විදෙස් පුවත්

දකුණු කොරියාවේ පාසල් යළි වසයි..

දකුණු කොරි­යාවේ විවෘත කළ පාසල් 200කට වැඩි සංඛ්‍යා­වක් කොරෝනා තර්ජ­නය හේතු­වෙන් දින කිහි­ප­යක් ඇතු­ළත නැවත වසා දැමී­මට බල­ධා­රීහු පිය­වර ගෙන ඇත. බුචි­යොන් නග­රයේ පිහිටි රටේ විශා­ල­තම බෙදා­හැ­රීම් සමා­ග­මක සේව­ක­යින්ගේ සපත්තු සහ ඇඳුම් අතර තිබී සෞඛ්‍ය බල­ධා­රීන්ට කොවිඩ් -19 වයි­ර­සය හමු වී ඇත.

මේ නිසා අවට පිහිටි පාසල් 251කට රෝගය පැති­රෙ­තැයි බියෙන් විවෘත කළ සැනින්ම පාසල් වසා දැමී­මට මෙසේ පිය­වර ගෙන ඇත. තවත් පාසල් සිය ගණ­නක් විවෘත කිරීම කල්දමා ඇත.

කෞපෑන්ග් හි ඉහත කී සමා­ගමේ ගබ­ඩාවේ සේවය කළ කාන්තා­ව­කගේ දරුවා පාසලේ දී පරී­ක්ෂා­වට ලක් කිරීමේ දී ඔහුට ද කොරෝනා රෝගය වැළැඳී ඇතැයි සොයා­ගෙන ඇත.

සෞඛ්‍ය බල­ධා­රීහු සමාජ දුර­ස්ථී­ක­රණ නීති තව­දු­ර­ටත් ශක්ති­මත් කොට තවත් සති දෙක­කට නිරෝ­ධා­ය­නය නියම කර තිබේ. බොහෝ සමාජ දුර­ස්ථී­ක­රණ නීතීන් ස්වේච්ඡා­වෙන් ගත යුතුව ඇතැයි ද දන්වා තිබේ.

Related posts

ඉතාලි⁣යේ නැවතත් කොවිඩ් වැඩිවීමේ ලකුණු…

Helarata

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙඩි හුවමාරුවක්…

Helarata

වෙරළේ ඇවිද්ද ඇමැතිට වැඩ වරදි

Helarata

Leave a Comment

Translate »