පින්කෙත

මල්වතු මහනාහිමියෝ 76 වෙනි විය සපුරති…

ජනක හෙට්ටිආරච්චි 


ශ්‍යාමෝපාලි වංශික  මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් වහන්සේගේ 76 වැනි ජන්ම දිනය අද  දිනට යෙදේ .


1944  මැයි 30 වැනි දින  ජන්ම ලාභය ලැබ 1957 ජූනි 10 වැනි දින පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මල්වතු මහා විහාර පාර්ශවයේ වැඩ සිටි මහා නාහිමියන්ගේ සහ මල්වතු මහා විහාරාධිවාසී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධකර නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත් උන්වහන්සේ 1964 ජූනි  16 වැනි දින මල්වතු මහා විහාරයේදී අති උතුම් උපසම්පදාව ද ලදහ.


1985 වසරේදී තත් පාර්ශ්වයේ ලේඛකාධිකාරී පදවියටත් , 1992 වසරේදී  අනුනායක පදවියටත් පත් වන නාහිමියෝ රඹුක්වැල්ලේ විපස්සී මහනාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු 2004 වසරේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ  උතුම් මහානායක පදවියට පත් වූහ. සිල්වත් , ගුණවත් මෙන්ම නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් වන් නාහිමියෝ සැට විය තරම් තරුණ  අවධියෙහිදී කාරක සඝ සභාවේ සමානච්ඡන්දයෙන්  26 වැනි මහානායක හිමියන් ලෙස පදවි ප්‍රාප්ත වූහ. උන්වහන්සේ එතැන් පටන් පුරා වසර දහසයක්  එම ශ්‍රේෂ්ඨ පදවිය හොබවති.


මහනාහිමිපාණන් වහන්සේ අධිපතීත්වය උසුලන කුරුණෑගල රිදී විහාරය සහ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමගල මානව සහයෝගීතා පදනම තුලින් උන්වහන්සේ සුවිසල් ජාතික , සාමාජයීය සහ ශාසනික  මෙහෙවරක්ද සිදු කරමින් වැඩ සිටිති.

Related posts

සසුන වනසන හිමිවරු නෙරපීමට රාමඤ්ඤ නිකායෙන් තීරණයක්…

Helarata

අම්මා ගිනි පෙනෙල්ලෙන් කට පිච්චුවාට පස්සේ මම කවදාවත් වැඩිහිටියෙකුට බැන්නේ නැහැ …

Helarata

ඒ අනතු⁣රෙන් මගේ ඇසක් එළියට ආවා කකුලට යකඩ පතුරු හා ඇණ දාලා තියෙන්නේ ප්‍රකට යතිවර අප්‍රකට කතා – 6

Helarata

Leave a Comment

Translate »