හෙළරට - විදෙස් පුවත්

හොංකොං වැසියන්ට සුබ ආරංචියක්..

චීනය හොංකොංහි නව ආර­ක්ෂක නීතිය ඉවත් කර ගන්නේ නැති නම් බ්‍රිතාන්‍ය ජාතික (විදේශ) ගමන් බල­ප­ත්‍රය හිමි හොංකොං වැසි­යන්ට බ්‍රිතාන්‍ය පුර­වැ­සි­භා­වය පිරි­නැ­මී­මට කට­යුතු කරන බව බ්‍රිතා­න්‍යය විදේශ ඇමැති ඩොමි­නික් රාබ් කියයි. හොංකොං­වල බ්‍රිතාන්‍ය ජාතික (විදේශ) ගමන් බල­ප­ත්‍රය හිමි අය ලක්ෂ 3ක් සිටිති. ඔවුන්ට මාස 6ක් දක්වා කාල­ය­කට වීසා නොමැ­තිව එක්සත් රාජ­ධා­නි­යට පැමි­ණී­මට අයි­තිය හිමි වේ.

රාබ් ගේ ප්‍රකා­ශය පැමි­ණියේ බ්‍රිතා­න්‍යය, අමෙ­රි­කාව, ඕස්ට්‍රේ­ලි­යාව සහ කැන­ඩාව ඒකා­බද්ධ ප්‍රකා­ශ­යක් සිදු කර­මින් බෙයිංජිං ආර­ක්ෂක නීතිය හෙළා දැකී­මත් සම­ඟය. චීන පාර්ලි­මේ­න්තුවේ අනු­මත කළ මේ නීතිය අනුව හොංකොං­වල සිට බීජිං බලා­ධි­කා­රය අව­ත­ක්සේරු කිරීම අප­රා­ධ­යක් වේ. 1997 දී බ්‍රිතා­න්‍යය විසින් හොංකොං දේශය චීන­යට භාර­දුන් අව­ස්ථාවේ එකඟ වූ එක රටක් පාලන කුම දෙකක් යන ආකෘ­ති­යට නව ආර­ක්ෂක නීති­යෙන් බාධා පැමි­ණෙන බව මේ බට­හිර ජාතින් සිව්දෙනා පව­සති.

Related posts

තව සති දෙකක් ඉන්දියාවට අගුළු වැටේ…

Helarata

චිනයේ දෙවැනි කොරෝනා රැල්ලේ ආසදිතයින් 400 න් එහා යයි…

Helarata

ඉතාලි⁣යේ නැවතත් කොවිඩ් වැඩිවීමේ ලකුණු…

Helarata

Leave a Comment

Translate »