හෙළරට - දේශිය පුවත්

කොටි අතින් ඝාතනයවු අරන්තලා හිමිවරුන් සිහිකරති…

රුදුරු කොටි ත්‍රස්තවාදීන් විසින් අරන්තලා මහා භික්ෂු ඝාතනය සිදුකර වසර 33 ක් සපිරේ.එම 33 වැනි ගුණ සමරු පුණ්‍යානුමෝදනා වැඩසටහන ජුනි 01, 02 අරන්තලාව භික්ෂු ස්මාරකය පිහිටි ශ්‍රී ඉන්දසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.


හෑගොඩ ඉන්දසාර නාහිමි ඇතුළු සාමණේරයන් වහන්සේලා බසයක් තුළ වෙඩි තබා මිලේච්ඡ අන්දමින් ඝාතනය කරන ලදි.

ජුනි 01 පස්වරු 7.00ට අරන්තලාවේ බෝධීන් වහන්සේ අබියස ජනපති, අගමැති ප්‍රමුඛ රටවාසීන්ට සෙත් පැතීමට මහා බෝධි පූජාව, ආශිර්වාද පූජා වැඩසටහන සමග මහා පහන් පූජාව පැවැත්වේ.

ජුනි 02 අලුයම 5.00ට කිරිපිඬු පූජාව බෝධීන් වහන්සේ උදෙසා පැවැත්වෙන මහා කිරිපිඬු පූජාව, ජුනි 02 පෙරවරු 8.00ට හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමි ප්‍රතිමාව අබියස පුෂ්පෝපහාර පැවැත්වේ.

ජුනි 02 පෙරවරු 9.00 අරන්තලා භික්ෂු ස්මාරකය අබියසදී උපහාර පූජාවන් සිදුකොට භයානක කොරෝනා වසංගත රෝගය රටින් තුරන් වී සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි පතමින් මව්බිම රැක ගැනීමේ හා රටට සෙත්පතා මහා අධිෂ්ඨාන පූජාව පැවැත්වේ.

ජුනි 02 පෙරවරු 10.00 ගුණ සමරු පුණ්‍යොත්සවය ආරක්ෂක වෛද්‍ය උපදෙස් මත නිරෝධායන ප්‍රතිපත්තිවලට අනුකූලව සරල චාම් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජුනි 02 පෙරවරු 11.00 ගුණ සමරු පුණ්‍යොත්සවයට වැඩම වන ශ්‍රී ඉන්දසාර සඟ පරපුරේ භික්ෂු ශිෂ්‍ය හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාව පිරිනැමේ.

අපවත් වූ මහා සංඝරත්නය, රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්, මියගිය අහිංසක නිරායුද ගම්වැසියන් සිහිකර පින් පැමිණවීමද මෙහිදි සිදුකෙරේ.

Related posts

පෝයදා සමනළවැවේ දිය නෑ තරුණයා අතුරුදන්

Helarata

වෛරසයෙන් ආරක්ෂාවිමට නව මුහුණු ආවරණයක්

Helarata

සියලුම වාහනවල මිල ඉහළට..

Helarata

Leave a Comment

Translate »