හෙළරට - දේශිය පුවත්

කෝචිචියෙන් යන්න 19,500ක් සුදානම්….

මේ සතියේ වැඩකරන දින තුනට සේවයට පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට දුම්රිය වාර තිහකට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමට සිදුවන බව දුම්රිය වාණිජ අධිකාරී වජිර පොල්වත්තගේ මහතා පවසයි.

සඳුදා සිට බදාදා දක්වා දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා 19,500කට ආසන්න මගීන් ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබේ.


එහෙත් ගෙවුණු සතියේ ලියාපදිංචි වූ
මගීන්ගෙන් සියයට 40 ක්වත් දුම්රියෙන් ගමන් කිරීමට නොපැමිණි බව වාණිජ අධිකාරිවරයා සඳහන් කළේය. ඒ වෙනුවට ප්‍රවේශ පත්‍ර හා ටිකට්පත් ලබාගෙන රාජකාරි සඳහා යන මගීන්ට එම අවස්ථාව ලබා දී ඇත.

Related posts

රාජ්‍ය සේවකයන්ට වෙනම බස් සේවාවක්…

Helarata

සලා⁣වේ පළතුරු සිටුවයි…

Helarata

ලොවපුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මරුට..

Helarata

Leave a Comment

Translate »