හෙළරට - දේශිය පුවත්

කෝට්ටේ උපසම්පදාව කල් යයි …

🖋️ ජනක හෙට්ටිආරච්චි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ 2020 වර්ෂයේ උපසම්පදා විනයකර්මය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව එම සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහාපණ්ඩිත , මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසති.


වාර්ෂික උපසම්පදා පුහුණු වැඩසටහන හා 2020 ජූනි මස 24 , 25 , 26 , 27 දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබු උපසම්පදා විනය කර්මය දැනට රටේ උද්ගතව ඇති සෞඛ්‍ය හේතුන් මත දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව අනුනාහිමියන්ගේ අත්සනින් නිකුත් කොට ඇති නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

භික්ෂුව දුසිල්වීමට වඩා ධර්මවිනය විකෘති කිරිම භයානකයි – මහාචාර්ය කපිල අභයවංශ

Helarata

මෛත්‍රීගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ලිපියක්..

Helarata

උපවාසයේ යෙදෙන මුස්ලිම් බැතිමතුන්ට නිරෝධායන මධ්‍යස්ථානවල විශේෂ ආහාර වේලක්.

Helarata

Leave a Comment

Translate »