හෙළරට - දේශිය පුවත්

පාස්කු ප්‍රහාරයේ වීඩියෝවේ රහස කොමිසම හමුවේ හෙළිවෙයි…

පාස්කු ඉරිදා බෝම්බ කරුවන්ගේ බවට සැලකෙන වීඩියෝව පැය දෙකකට වඩා කාලයක් පටිගතකර ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරයේ තතු විමසන ජනපති කොමිසම හමුවේ හෙලිවෙයි.

බුද්ධි අංශ නිලධාරියෙකු සාක්ෂි දෙමින් කියා ඇත්තේ එය අන්තර්ජාලයට එක් කර ඇත්තේ විනාඩි තුනක් වුවත් සම්පූර්ණ වීඩියෝව පැය දෙකකට වඩා දිගු බවය.

එය රූගත කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙරදා ගල්කිස්සේ පිහිටි බෝම්බකරුවන්ගේ තිප්පොලක බවත් හෙලිවී තිබේ.

එහිදී සහරාන් පවසා තිබෙන්නේ සිරියාවේ සහ ඉරාකයේ මුස්ලිම් විරෝධීන් ලංකාවේ හෝටල්වල ලැගුම් ගන්නා නිසා හෝටල් ඉලක්ක කරගන්නා බවය.

නවසීලන්තයේ මුස්ලිම් සංහාරය සහ ලෝකයේ රටවල් වල මුස්ලිම් විරෝධී ක්‍රියාමාර්ග නිසා මෙම ප්‍රහාරය සැලසුම් කළ බව ද සහරාන් එහිදී පවසා තිබේ.

ප්‍රහාරය සැලසුම් කල තිදෙනෙකු එම වීඩියෝවේ දැක්වෙන අට දෙනා අතුරින් හඳුනා ගත් බවද බුද්ධි අංශ නිලදාරියා කොමිසම හමුවේ පවසා ඇත.

Related posts

Apple 12.9-inch iPad Pro and Microsoft Surface Pro Comparison

Helarata

ආරක්ෂක ලේකම්ගෙන් දූෂිත බන්ධනාගාර නිලධාරින්ට රතු එළියක්…

Helarata

ලංකාවේ අයට විදේශ නාවිකයේ රැකියා පිලිබද ජනපති අවධානයට..

Helarata

Leave a Comment

Translate »