හෙළරට - දේශිය පුවත්

පාසල් වෑන් ගාස්තු ගැන විසඳුමක් නෑ….

පාසල් ළමුන් ප‍්‍රවාහනය කිරීමේ වෑන් රථ සදහා අප්‍රේල්, මැයි මාස වෙනුවෙන් සම්පූර්ණ ගාස්තු අය නොකරන නමුත් ගාස්තුවෙන් අඩක් හෝ දෙමාපියන්ට හැකි පරිදි යම් මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගම් පවසයි.

මෙම මාසවල පාසල් නොපැවැත්වුණත් කිසිම මුදලක් අය නොකර සිටියහොත් තමන් දැඩි අපහසුතාවකට පත්වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතා පවසයි

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන්නන් නියෝජනය කරන සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ නියෝජිතයින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මෙම තීරණය ගත් බව ද හෙතෙම කීවේය.

අප්‍රේල් මැයි මාසවල පාසල් නොපැවැත්වුණු නිසා ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ වෙනුවෙන් මුදල් අය නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්දී තිබුණද එසේ කිරීමෙන් පාසල් වෑන් රථ හිමියන්ට දැඩි ගැටලූවකට මුහුණදීමට සිදුවන බව ඔහු සදහන් කළේය.

වත්මන් තත්ත්වය යටතේ පාසල් සිසුන්ගේ ප්‍රවාහන සේවා ගාස්තු අයකීරීම සම්න්ධයෙන් සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය හා සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සංගමය මත දෙකකට එළැඹ තිබෙනවා.

හැකියාව තිබියදීත් ගාස්තු නොදෙන දෙමව්පියන්ගේ දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබා නොදීමට සියලු සාමාජිකයන්ගේ එකඟත්වයෙන් තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පවසනවා.

මේ අතර ඒ සඳහා නිශ්චිත මුදලක් නියම කිරීමට තම සංගමය කිසිඳු තීරණයක් නොගත් බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතා පවසනවා.

ගෙවීමට හැකියාව ඇති දෙමව්පියන්ගෙන් අප්‍රේල් හා මැයි මාස වෙනුවෙන් ගාස්තුවෙන් භාගයක් අය කර ගැනීමට ගත් තීරණයට මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාද විරුද්ධත්වයක් නොදැක්වූ බව ද මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසුවා.

පාසල් වෑන් රථ හිමිකරුවන් මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි ද ඇතැම් හිමිකරුවන්ට රුපියල් පන්දහසේ දීමනාව හෝ නොලැබුණු බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් කමල් ඉලංගරත්න පවසන්නේ ප්‍රවාහනය කරන්නන්ගේ තත්ත්වය ද සලකා බලා හැකි මුදලක් ලබා දෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර පාසල් නොපැවති මාස වෙනුවෙන් කුමනාකාරයේ හෝ ගාස්තුවක් අයකිරීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.
ඇතැම් රියදුරන් ප්‍රවාහන මුදල් ලබාගෙන ඇති බවටද දෙමව්පියන්ගෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

Related posts

වන්නි මෙහෙයුමට දායකවු බ්‍රිගේඩියර්වරුන්ට උසස්වීම්…

Helarata

දෙහිඕවිටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක්….

Helarata

මැයි 4 දක්වා ඇඳිරිනීතිය.

Helarata

Leave a Comment

Translate »