හෙළරට - දේශිය පුවත්

ලාංකිකයන්ගෙන් බේරෙන්න තානාපති කාර්යාවලට ආරක්ෂාව…

මේ වනවිට ෂීසෙල්ස්, මාලදිවයින සහ ක්වේට් යන රටවල සිටින නැවත සිය රට බලා යෑමට නොහැකිවීම පිළිබඳව කෝපයට පත් ශ්‍රී ලාංකිකයන්ගෙන් සිය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා එම රටවල ශ්‍රී ලංකා තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.


විදේශීය දූත මණ්ඩලවලට මෙලෙස පීඩන එල්ලවී ඇති ස්ථානවලට ආරක්ෂාව සැපයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගකිව යුතු බලධාරීන්ට දැනුම්දී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අදාළ රටවල ශ්‍රමිකයන්ගෙන් බොහෝදෙනකුට නවාතැන් සහ ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇත. විශේෂයෙන් ක්වේටයේ මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් වන අතර වයිරසය වැලඳී ඇති තැනැත්තතන්ටද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි වාර්තා වේ.


ක්වේටයේ පමණක් ශ්‍රී ලාංකිකයන් දහසය දහස් පන්සියයක් පමණ සිටින අතර ඔවුන් සියලුදෙනාම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළකර ඇත. මීට අමතරව කටාරයේ හයසිය හැට පහක්ද, සෞදි අරාබියේ තුන්සිය විසිහතක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හාරසියදාහතරක්ද, ඊශ්‍රායලයේ එක්සිය හැත්තෑ අටක්ද, බහරේනයේ තුන්සිය හැත්තෑහතරක්ද, ජෝර්දානයේ හයසිය දෙකක්ද, ලෙබනනයේ එකසිය විසිතුනක්ද මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටි.

Related posts

විදේශ රැකියා ආදායම පහළට…

Helarata

අද මේ වන විට කොරෝනා ආසාදිතයින් 414 යි..

Helarata

15 වෙනි කොවිඩ් මරණය වාර්තා වෙයි..

Helarata

Leave a Comment

Translate »