හෙළරට - විදෙස් පුවත්

ඇමෙරිකා පොලිසිය දණ ගසයි. .

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේමරණයට ප්‍රතිචාර වශයෙන් රට පුරා විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙද්දී පොලිස් නිලධාරීන්ද විරෝධතාකරුවන් සමග එක්ව උද්ඝෝෂණවලට සහාය පළකිරීම එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පල කළ ඇතැම් ඡායාරූපවලින් දැක්වුණේ ඇමෙරිකා පොලිස් නිලධාරීන් උද්ඝෝෂකයන් ඉදිරියේ දණ නමා සිටින
ආකාරයය. නිව් ජර්සි ප්‍රාන්තයේ කැම්ඩන් නගරයේදී (Camden) මෙලෙස පොලිසිය විරෝධතාකරුවන්ට සහය පළකරමින් විරෝධතා පුවරු ඔසවාගෙන වීථි ඔස්සේ ගමන් කරනු දැකගත හැකිවිය.

මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් කැම්ඩන් පොලිස් කොට්ඨාසයේ සන්නිවේදන අධ්‍යක්ෂ ඩෑන් කීෂෙන් ඒ.බී.සී. පුවත් සේවයට
පවසා ඇත්තේ එය ප්‍රජාවක්. අපත් ප්‍රජාවේ කොටසක්. අප සිටින්නේ සාමුහිකත්වය ආරක්ෂා කිරීමට මිස නගරය පාලනය කිරීමට නොවේ යනුවෙනි. තවදුරටත් අදහස් පළකරන ඩෑන් කිෂෙන් පවසන්නේ ‘සියලුම පොලිස් නිලධාරීන් නරක නොවන’ බවය.

ඔබ ප්‍රජාවෙන් බැහැරව සිටින්නේ නම් ඔබ නිවැසියන් සහ ප්‍රජා පාර්ශ්වකරුවන් සමග වැඩකර නොමැති නම් ඔබට එම විශ්වාසනීයත්වය නොලැබෙනු ඇත යනුවෙන් ඔහු සඳහන් කරයි.


මෙය ජනතාවගේ ගමනක් බවත්, ජනතාව පිටුපසින් ගමන් කිරීමටත් ඔවුන්ට මගපෙන්වීමටත් කටයුතු කරන බව සන්නිවේදන අධ්‍යක්ෂවරයා පොලිසියේ කාර්යභාරය පැහැදිලි කරමින් වැඩිදුරටත්
ප්‍රකාශ කර තිබේ.


මීට අමතරව විරෝධතාකරුවන්ට
සහයෝගය පළකරමින් වයිසොකි නගරයේදීද පොලිසිය පෙළපාළිකරුවන් සමග එකපෙළට ගමන් කරනු දැකගත
හැකිවිය. එසේම සැන්ටාකෲස්, කැලිෆෝනියා, නෝර්ෆොක්, වර්ජිනියා සහ තවත් නගරවලද මෙවන් උද්ඝෝෂණවල පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සමාජ
මාධ්‍ය ඔස්සේ පළ වී ඇත.


මේ සෑම ස්ථානයකදීම එක්සත් ජනපද පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ
නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන්ට පූර්ණ සහයෝගය දක්වන බවයි..

Related posts

කොරෝනා නීති නිසා නෙදර්ලන්ත අගමැති මවගේ අවමඟුලට නොයයි…

Helarata

ඉන්දියාවෙි ගුවන් නියමුවන් පහකට කොරෝනා ..

Helarata

ඉන්දීය ජාතික සම්මානලාභී නළුවෙකු වු ඉර්ෆාන් ඛාන් මිය යයි… (Photo)

Helarata

Leave a Comment

Translate »