හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලේ ගංවතුරෙන් බැටකන ගම්වලට දිසාපති යයි…

🖋️ කෑගල්ල රාජපක්ෂ , කෑගල්ල රුවන් ප්‍රියශාන්ත

හදිසි ගංවතුර බලපෑම් හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පිඩාවට පත්වන ප්‍රදේශවල පදිංවිකරුවන් දැනුවත් කර ස්ටිකර් බෙදාදීමේ වැඩ සටහනක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (01) දින කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරගම්මන වසමේ දීවෙල ප්‍රදේශයේ දී සිදු කෙරුණි.

කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරිණි .

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනිෂා රත්නායක, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ පී. එම්. නිශාන්ත . සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර , දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන් ,දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ආපදා සහන සේවා නිලධාරීන් , ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිළධාරි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Related posts

කොරෝනාවෙන් පසු පන්සල් වතුත් ගොවිබිම් වෙයි.

Helarata

රඹුක්කනට තද වැසි ☔ ☔

Helarata

අංගම්පොර සබරගමුව පළාත තුළ ව්‍යාප්ත කරනවා – සබරගමු ආණ්ඩුකාර

Helarata

Leave a Comment

Translate »