හෙළරට - දේශිය පුවත්

පළගැටියා සොයන්න උඩින් එයි…

මාවතගම ප්‍රදේශයේ වගාවන්ට ව්‍යාප්තව සිටින පළඟැටි විශේෂය ගස් මුදුන්වල සිටීදැයි නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන කැමරා යොදවා ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසීය.

පළඟැටි විශේෂයක් මාවතගම වගාවන් පුරා පැතීරි සිටින බවට ලද තොරතුරකට අනුව කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ,භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඇතුළු කණ්ඩායමක් ඉකුත් 30 වැනිදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. මෙම පළඟැටි විශේෂය ඉන්දියාව දක්වා පැතිරී සිටින කාන්තාර පළඟැටියා නොවන බවද මහාචාර්ය බුද්ධි මාරඹේ කීවේය.


මෙම පළඟැටි විශේෂය මාවතගම වගා කටයුතුවල නිරතවී සිටින බොහෝ දෙනා දැක ඇති බවත්, සීග්‍රයෙන් ව්‍යාප්ත වන සෑම ගසකම ශාක පත්‍ර ආහාරයට ගන්නා බවත් ඔහු සඳහන් කළේය.


මේ පළඟැටියා තවමත් පියාසර තත්ත්වයේ නෑ. තවමත් පසුවන්නේ ශිශු අවස්ථාවේයි. මේ පළඟැටියාට ශිශු අවස්ථා පහක් තිබෙනවා. දැන් පසුවන්නේ තෙවන සහ සිව්වන අවධිවලයි. පස්වන ශිශු අවධියෙන් පසු ඉගිළී යනවා. ඊට පෙර කෘමි නාශක යොදා මර්දනය කළ යුතුයි. නැතහොත්
ඉතා බරපතළ ලෙස පැතිරෙන්න පුළුවන් යැයිද මහාචාර්යවරයා කීවේය.


පළඟැටියා මර්දනය කිරීම සදහා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
විසින් මෙරට තිබෙන විෂ අඩුම
කෘමි නාශක ඉසීමේ කටයුතු
අරඹා ඇති බවත් මහාචාර්ය බුද්ධි
මාරඹේ පැවසුවේය.
මෙම පළඟැටියා කොස්, පොල්
ආදී ගස්වලද සිටින බවත්, ශාක
පත්‍රවලට හානි කළද කොස්ගෙඩි
ආදියට හානි කර නොතිබූ බව
නිරීක්ෂණය වූ බවද හෙතෙම
කීවේය.
පොල් ගස් ආදී උස ගස්වල
මුදුණේද මෙම පළඟැටි විශේෂය
සිටින බව සොයා බැලීමට
ඩ්‍රෝන කැමරා උපකරණ
යොදාගත් බවත්, එහිදී උස ගස්වල
පත්‍රවලට පළඟැටියාගේ බලපෑම
කෙසේදැයි නිරීක්ෂණය කරන
බවද ඔහු සඳහන් කළේය.

Related posts

රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳිම මිස මඟ හැරිම නොවේ..

Helarata

කොළඹ මැනිං වෙළඳපොල දින 04 කට වැසේ..

Helarata

කොළඹ විෂබීජ ඉවත්කරයි.. (Photo)

Helarata

Leave a Comment

Translate »