හෙළරට - දේශිය පුවත්

පිරිවෙන්වලින් ඉටුකම අරමුදලට ලක්ෂ 45ක්…

කොවිඩ් 19 වෙනුවෙන් ශ්‍රීලංකාවේ ස්ථාපිත “ඉටුකම” අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 45 ක මුදලක් මෙරට සමස්ත පිරිවෙන් නියෝජනය කරමින් ලබාදුන් කෘත්‍යාධිකාරී පරිවෙණාධිපති ස්වාමින් වහන්සේලා ප්‍රමුඛසමස්ත පිරිවෙන් ප්‍රජාව වෙත තම කෘතවේදී හා වන්දනීය ස්තූතිය පිරිනමන බවත් මෙවන්අභියෝගාත්මක මොහොතක බුද්ධ පුත්‍රයන් වශයෙන් රටේ ජනතාවට ලබාදුන් ආදර්ශය මුදලින්තක්සේරු කළ නොහැකි බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඩලස් අලහප්පෙරුම මහතාසඳහන් කරයි.

“ඉටුකම අරමුදල” වෙනුවෙන් දිවයින පුරා පිහිටි කෘත්‍යාධිකාරීපරිවෙණාධිපති සංගම්වල සහ කොට්ඨාශ පරිවේණාධිපති වරුන් ඇතුළු පිරිවෙන් කාර්ය මණ්ඩලවලමෙන්ම සීල මාතා අධ්‍යයන ආයතනවල දායකත්වයෙන් එක්රැස් කරන ලද රුපියල් මිලියන 4.5 ක (ලක්ෂ 45ක) මූල්‍ය ආධාර නිල වශයෙන් පරිත්‍යාග කිරීම (01) අධ්‍යාපන ක්‍රීඩා හාතරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශපරිශ්‍රයේදී පැවති අතර, එහිදී අමාත්‍යවරයා මේඅදහස් පළ කළේය.

ඉටුකම අරමුදල රජය විසින් ආරම්භ කළ අවස්ථාවේ, ඇතැම් පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් විවිධ වැරදි අර්ථකථන සමාජගත කළ බවත්, රටේ මහා සංඝරත්නය මේසඳහා දායකත්වය ලබා දෙමින් ජනතාවට ලබාදෙන ආදර්ශය කෘතවේදී ව අගය කරන බවත් අමාත්‍යවරයාවැඩිදුරටත් සඳහන් කළේය.මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශක අතිපූජ්‍ය දොඩම්පහල රාහුල හිමි, පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකපූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, ප්‍රමුඛ සහකාර අධ්‍යාපනඅධ්‍යක්ෂවරුන්, විෂයභාර අධ්‍යක්ෂකවරුන්, පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරීන්, දිවයින පුරා පිහිටිකෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගම් නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ද අධ්‍යාපන රාජ්‍යලේකම් රංජිත් චන්ද්‍ර සේකර මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වසිටියහ.

Related posts

ඇසට වැලිගසා වැඩිමිලට වැලි වික්කොත් වැඩවරදි…

Helarata

උල්කාපාත බලන්න රෑ 12 ට අද සිට ..

Helarata

අගෝස්තු 1 සිට එයාර්පෝට් ඇරීමට අවධානය..

Helarata

Leave a Comment

Translate »