හෙළරට - දේශිය පුවත්

ඇමෙරිකාවේ හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා..

ඇමෙරිකාවේ හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා

හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් කියයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හුස්ම හිරවන’ බවට බියක් තමන්ට ඇති වී ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික හා කෲර මරණය සම්බන්ධයෙන් මමත් ලාරාත් මහත් සංවේගයට පත්වුණා’’ යැයි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිකුත් කළ නිවේදනයේ දැක්විණි. ලාරා බුෂ් යනු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ ය.

‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සිදු වූ අසාධාරණය අප හද කම්පා කරනවා. අපේ රටේ හුස්ම හිරවෙනවා කියලා මට බයක් දැනෙනවා’’ ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති බුෂ් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් නොකළ නමුත් අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුවන තර්ජන සහ හිරිහැර ‘‘දැවැන්ත අසමත්කමක්’’ යැයි පෙන්වාදුන්නේය.

විරෝධතාකරුවන් වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් පාගමනේ යද්දි ඔවුන් ආරක්ෂා කිරීම නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගේ වගකීමක්. විරෝධතාකරුවන්ගේ හඬ නිහඬ කරන්න උත්සාහ කරන අය ඇමෙරිකාවේ හෝ ඇමෙරිකාව වඩාත් හොඳ තැනක් වීමේ අරුත දන්නේ නැහැ. ඔවුන්ට එය තේරෙන්නේ නැහැ’’ යැයි ද ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාදිනල්තුමා විමසයි…

Helarata

උපාධිධාරි රැකියා ලාභීන්ගේ නම් අද වෙබ් අඩවියේ….

Helarata

This couple Quit Their Jobs To Travel The World In A Customized Bus

Helarata

Leave a Comment

Translate »