හෙළරට - දේශිය පුවත්

දෙවනගලට නීතියේ ඇස…

දෙවනගල පුරාවිද්‍යා බිම ආශ්‍රිත මතුව ඇති ගැටලු නිත්‍යානුකූලව විසඳීම වෙනුවෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා දසබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් (03) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දෙවනගල පුරාවිද්‍යා බිම ආශ්‍රිත මෙම ගැටළුව නීත්‍යානුකූල විසඳීම සඳහා අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිත අතර ගැටළු විසඳීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරිණි

මෙම අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, පළාත් ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා රත්නායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බෞද්ධ කටයුතු කොමසාරිස් (මහනුවර) ලලිත් ඇටම්පාවල, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ, අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාල්, සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර, පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ඒ.කේ නිල්මල්ගොඩ යන මහත්ම මහත්මීන් ,පොලීසිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ

Related posts

පන්නිල හා චීන කොරටුව ගම් හුදකලා වෙයි.

Helarata

ධීවර ජනතාව අවධානයෙන් …

Helarata

කටුනායක ඇගලුම් කම්හල් තුනක් වසා දැමේ.

Helarata

Leave a Comment

Translate »