හෙළරට - දේශිය පුවත්

නවසිලන්තයේ ලාංකික විහාරස්ථාන විවෘතවේ….

🖋️ නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට වාර්තා කරයි

පසුගිය මාස කිහිපය පුරාම තවකාලිකව වසාදමා තිබූ නවසීලන්තයේ ශ්‍රී ලංකික විහාරස්ථාන මේ වනවිට ක්‍රමක්‍රමයෙන් තම දායකදයිකාවන්ගේආගමික අවශ්‍යතා වෙනුවෙන් නැවත විවෘත කරමින් පවතී.


ඒ අනුව රට පුරා ඇති සියලුම විහාරස්ථානමේ වනවිට විශේෂ ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව දැනට පනවා ඇති නීති රීති යටතේ ආගමික කටයුතු ආරම්භ කර ඇති අතර, දායකදායිකවන්ද වෙනදා මෙන්ම තමතමන්ගේ ආගමික කටයුතු වල යෙදෙනා අකාරයක් දක්නට තිබේ.

කෝවිඩ්-9 වසංගතය ලෝකය පුරා වේගයෙන්පැතිර යද්දී ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස නවසීලන්ත රජය විසින් මුළු රටම හුදකලා කරන්නට තීරණය කල අතර මේ නිසා සියළුම ආගමික ස්ථානද තාවකලිකව වසා දමන්නට සිදුවිය.

මෙහිදී අනෙකුත් ආගමික ස්ථානවල මෙන්ම ශ්‍රීලාංකික විහාරස්ථාන වල වැඩ වසන ස්වාමින්වහන්සේලා විසින්ද නවීන තාක්ෂණය උපයෝගී කරගෙනYouTube, Skype සහ Facebook වැනි සමාජ ජාලා මාධ්‍ය හරහා ආගමික වැඩසටහන් පවත්වාගෙනගිය අතර දායකදයිකාවන් හට තම නිවෙස්වල සිට ඒවාට සම්බන්ධ වන්නට සිදු විය.

දැනට නවසීලන්තයේ කෝවිඩ් -19 වසංගතය සැලකියයුතු තත්වයකට පාලනය කර ඇති නිසා උපරිමය සියයකට සීමා වන පරිදි ආගමික කටයුතුදපවත්වාගෙන යාමට රජය විසින් අවසර ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙම නීතිරීති ඉතා ඉක්මනින්මඉවත් කර රට යථාතත්වයට පත් වෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වේ.

Related posts

ජනදිවිය යථාතත්වයට පත්කිරිමේ ක්‍රියාමාර්ගයන්ට ජනපති උපදෙස්..

Helarata

සතොස 11 සිට විවෘතයි..

Helarata

ලෝක කම්කරු සංවිධානයෙන් රජයට ප්‍රසාදය..

Helarata

Leave a Comment

Translate »