හෙළරට - දේශිය පුවත්

නැගෙනහිර පුරාවස්තු රකින බළකාය ගැසට් කරයි

නැගෙනහිර පුරාවස්තු රැකගැනිමට ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් පරිදි පිහිටුවා ඇත.


ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්ය සාධක බලකායට සාමාජිකයන් 11 ක් ඇතුළත්වේ.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය 2020 .06.02 දින නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ, ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි. රටක පුරාවිද්‍යාත්මක උරුමය එකී දේශයෙහි අනන්‍යතාව සහ ඓතිහාසික විකාශනය පිළිඹිඹු කරන මූලාශ්‍රයකි. මෙකී උරුමයන් ස්වාභාවික සහ මානව ක්‍රියාකාරකම් නිසා පරිහානියට පත්වීමේ අන්තරායක් උද්ගත වෙමින් පවතී. ශ්‍රී ලංකාව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මෙවැනි උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන සම්මුතීන් පිළිගෙන ඇතැයි ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා කාර්ය සාධක බලකායේ සභාපති ලෙසත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය ලේකම් ලෙසත් පත් කර සිටිති.


පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ, උතුරු, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන්වහන්සේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මැනුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා, කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

Related posts

මඟුල් ගත්තත් ඉඹින්න බැහැ. සමූහ ජායාරූපත් තහනම්…

Helarata

ලංකාවේ සංචාරයට බීබීසීය අතවනයි…

Helarata

බොඩි බෑග් ගෙනඒම ගැන අනිසි බියක් එපා..

Helarata

Leave a Comment

Translate »