හෙළරට - දේශිය පුවත්

නෙළුම්වැවට අලුත් සමනල්ලු ඇවිත්…

ලංකාවට ආගන්තුක වූ විශේෂිත සමනල වර්ගයක්
2 වැනිදා උදෑසන පොලොන්නරුව, වැලිකන්ද,
නෙළුම්වැව ගම්මානයේ ලක්ෂ ගණනින් දක්නට ලැබිණි. සමනලුන් ගස් බෝග වගාවන් තුළ වසා සිට ඇති අතර අව් රෂ්මියත් සමග එම සමනලුන් ගම්මානයේ විදුලි රැහැන් මත වසා ඇති බව ගම්මුන්
පවසති.


එම සමනලුන් කිහිපදෙනෙකු ගම්මානයේ ගොවීන්
විසින් අල්ලා බෝතල්වලට දමා තිබේ. වහාම
පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් කෘෂිකර්ම
නිලධාරීන්ට දන්වා තිබේ.
එම සමනලුන්ගේ පිහාටු කළු සහ සුදු පැහැයෙන්
යුක්ත අතර ශරීරයේ යට කොටස දිස්වන්නේ කහ
වර්ණයෙනි. විදීමට හැකි
තුඩ දෙකක්ද මොවුන්
සතුව තිබේ.
මහවැලි බී කලාපීය
නේවාසික ව්‍යාපාර
කළමනාකාර සුගත්
වීරසිංහගෙන් අප
කළ විමසීමකදී
සඳහන් කර සිටියේ
එම සමනල් විශේෂය
පිළිබඳ පරීක්ෂණයක් කරන බවයි.

Related posts

රියැදුරු බලපත් කාලය තවත් දිගු වෙයි….

Helarata

කොරෝනා 16 වැනි මරණය …

Helarata

ඇඳිරිනීතිය ඉවත්කළත් දිස්ත්‍රික්කයෙන් පිට යන්න බැ..

Helarata

Leave a Comment

Translate »