හෙළරට - දේශිය පුවත්

පි.එච්.අයිට යතුරු පැදි..

කොවිඩ් මර්දනය සඳහා විශාල මෙහෙවරක්
ඉටු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට
යතුරුපැදි ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය
තීරණය කර තිබේ.


අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ
මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජුලි මස අවසන්
සතිය වන විට යතුරුපැදි ලබා දීමට කටයුතු
කරන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය
ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේය.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙතෙක්
යතුරුපැදි නොලැබුණු මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන්ට මෙම සහන ලබා දෙන බවයි.


ලෝක බැංකු සහන ණය ව්‍යාපෘතියක්
ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. කොවිඩ් 19
නිවාරණය පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය
විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන්වල
වියදම් ප්‍රතිපූරණය කිරීමත් ඉදිරි නිවාරණ
සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන
ලබා දීමත් මේ යටතේ සිදු කෙරෙන බව
වෛද්‍යවරයා සඳහන් කළේය.


මෙම වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය කීට
විද්‍යා පරීක්ෂණ නිලධාරීන්ටද යතුරුපැදි ලබා
දෙන ලෙස කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

Related posts

ඇමෙරිකාවේ මරණ 45,000 ඉක්මවයි.. ආසාදිතයින් 800,000 පනී.

Helarata

සිරකරුවන්⁣ට පුහුණු දෙන්න පෞද්ගලික අංශයේ සහය..

Helarata

බත්තරමුල්ලට වතුර කැපේ…

Helarata

Leave a Comment

Translate »