හෙළරට - දේශිය පුවත්

බන්ධනාගාරය තුෂාරට ජයසිරි ඉවතට…

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. ජයසිරි තෙන්නකෝන් මහතා ඉවත් කර එම ධූරය සදහා බන්ධනාගාර බුද්ධි අංශ කොමසාරිස් තුෂාර උපුල් දෙණීය මහතා පත්කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් (03) කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් මෙම නව පත්කිරීමට අනුමැතිය ලබා ගෙන තිබිණී.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජයසිරි තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉකුත් 02 වැනිදා ආරක්ෂක අංශ සමග පැවැති රැස්වීමකදී දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර, රටේ සිදුවන අපරාධ බන්ධනාගාරය තුළ සිට කි‍්‍රයාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත් අපරාධකරුවන්ට උදව් කරන දුෂිත නිලධාරීන්ට දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, ජනාධිපතිවරයා සදහන් කළේය

Related posts

කොරෝනා බෝ කරන්නෝ ත්‍රස්තවාදීන් ලෙස සලකන්න -වනවාසී රාහුල හිමියෝ කියති

Helarata

පුරාවිද්‍යා උපදේශක සභාව පත්කරයි…

Helarata

අන්තවාදි තර්ජන ගැන පුවත සමාජය නොමඟ යවන්නක්..

Helarata

Leave a Comment

Translate »