හෙළරට - දේශිය පුවත්

මඟුල් ගෙදරින් පසු අමුත්තෝ රෝහලට….

මඩකලපුව ආරයන්පති කෝවිල්කුලම්හිදී විවාහ මංගල්‍යයක් පැවති නිවසක ආහාර ආසාද්මිකතාවකින් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කර තිබේ.
ආරයන්පති කෝවිල්කුලම් ප්‍රදේශයේ විවාහ මංගල්‍ය නිවසක 200 දෙනකු පමණ කුකුල්මස් සමග බුරියානි අනුභව කර ඇත.

ඉන් අනතුරුව මොවුන්ගේ වැඩිපිරිසක් කලන්තය වමනය සහිත උණ හේතුවෙන් ආරයන්පත් දිසා රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළබව ආරයන්පති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දොස්තර එම රමේස් පැවසිය

රෝහලට ඇතුලත් කළ පිරිස අතර කාන්තාවන් හා කුඩා දරුවන් සිටින බවද රමේෂ් මහතා කීය.

මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අංශය දැඩි විමර්ශනය පවත්වයි .

Related posts

භාතිය සංතුෂ් සංගීතයේ මුදල් කොවිඩ් අරමුදලට ….

Helarata

පෙරහර නැරඹීමට අවසර නැහැ….

Helarata

රත්නපුරයට ආ ජනපති….

Helarata

Leave a Comment

Translate »