හෙළරට - විදෙස් පුවත්

විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් තර්ජන…

කළු ඇමරිකානුවකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය
නිසා රට පුරා පැනනැගී ඇති අරගලකාරී තත්ත්වය
සහ සිවිල් නොසන්සුන්තාව මැඬපැවැත්වීම සඳහා
මිලිටරි බලය යොදවන බවට ජනාධිපති ​ඩොනල්ඩ් ට්‍රම්ප්
තර්ජනය කර ඇත.

බී.බී.සී. ඇතුළු විදෙස් මාධ්‍ය ආයතන ගණනාවක් වාර්තා
කර ඇති ආකාරයට නගර සහ ප්‍රාන්තවල විරෝධතා
පාලනය කිරීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමට
බලධාරීන් අපොහොසත් වුවහොත් හමුදාව යොදවා ඔවුන්ට
ඇති ගැටලු ඉක්මනින් විසඳනු ඇත’’ යනුවෙන් ජනාධිපති
ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
​ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පසුගිය
සතිය පුරා ඇමරිකාවේ ප්‍රාන්ත 25කට වැඩි සංඛ්‍යාවක
විරෝධතා ක්‍රියාත්මක වූ අතර ඊයේ සහ පෙරේදා දිනවල
එම තත්ත්වය උත්සන්න විය. මිනුරියා පොලිස් නිලධාරීන්
සිව්දෙනකුට විරෝධතාකරුවන් විසින් වෙඩි තබා තුවාල
සිදුකර ඇති අතර චිකාගෝහි පැවැති විරෝධතාවලදී දෙදෙනෙකු මියලොස් ඇත.

Related posts

ඉන්දියාවේ ඊයේ (13) නව අසාදිතයන් 1248

Helarata

කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 දක්වා ඉහළට

Helarata

කොරෝනා සතුන්ගෙන් බෝ වී ඇති බව යලිත් තහවුරු කරයි….

Helarata

Leave a Comment

Translate »