හෙළරට - දේශිය පුවත්

සුරක්ෂිත රටක් උදෙසා කාර්ය සාධක බළකායක්…

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් 2020 ජුනි මස 02 අඟහරුවාදා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, සාධාරණය සහ නීතියේ ආධිපත්‍යය සුරකින ගුණගරුක, විනගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව පිළිගෙන ඇතැයි එහි සඳහන් වෙයි.

රටක් සංවර්ධනය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමෝපාය ස්ථාපනයේදී රටේ අරක්ෂාව ප්‍රධාන සාධකයක් බව හඳුනාගෙන ඇත. ජනතා යහපත පිණිස ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම උදෙසා නීතියේ රැකවරණය සැමට සමානව ලැබිය යුතුය.


දරු පරපුර රටක අනාගතය වශයෙන් සලකනු ලැබේ. සමස්ත සමාජය තුළ පැතිර යමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර, ආර්ථික පරිහානිය සමග එකතු වූ සමාජ පරිහානියේ ප්‍රබල සාධකයකි. ඉන් සමාජය මුදා ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කර ඇති බව ගැසට් නිවේදනය සඳහන් කරයි.

ආරක්ෂක ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා කාර්ය සාධක බලකායේ සභාපති ලෙසත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්. දිසානායක මහතා ලේකම් ලෙසත් පත් කර සිටිති.


යුද හමුදාපති ලුතිතත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබල පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ, මේජර් ජනරාල් ඒ.එස්. හේවාවිතාරණ, නාවික හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ. කුමාර, ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. වාසගේ, පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.


නිදහස් සාමකාමී සමාජ පැවැත්මට හානිකර ක්‍රියා පාලනය, මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවන්නන් ඉන් වැළැක්වීම, වරාය හා ගුවන් තොටුපළ ආදී ස්ථාන මගින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම, රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම පූර්ණවශයෙන් මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය නිසා සිදුවන සෙසු සමාජ ව්‍යසන වැළැක්වීම කාර්ය සාධක බලකායට පැවරී තිබේ.


සෙසු රටවල ස්ථානගතව ශ්‍රී ලංකාව තුළ කරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සොයා බලා ඊට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීම සහ බන්ධනාගාර ආශ්‍රිත නීති විරෝධි හා සමාජ විරෝධී ක්‍රියා සොයා බලා ඒවා වැළැක්වීම අනෙක් වගකීම් අතර වෙයි.

Related posts

යුද්ධයේදි මෙන්ම වසංගතයේදිත් හමුදාව පොදු ජනතාව වෙනුවෙන් කැපවුණා…අගමැති

Helarata

යුද හමුදාපති⁣ ජනතාවට ආචාර කරයි….

Helarata

වසර කීපයක් ආරක්ෂක කමිටුවකින් රට පාලනය කරන්න -ශ්‍රි පාදස්ථානාධිපති නාහිමි.

Helarata

Leave a Comment

Translate »