හෙළරට - විදෙස් පුවත්

ට්‍රම්ප් අවුල් බව අගරදගුරු කියයි…

පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය නිසා අමෙරිකාවේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩ උද්ඝෝෂණ හමුවේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රදර්ශනාත්මක ලෙස පල්ලියක් වෙත ගමන් කිරීම වොෂිංටනයේ කතෝලික අගරදගුරුතුමා ගේ විවේචනයට ලක් වී ඇත.

ඔහුගේ මේ සංචාරය 2 වන ශාන්ත ජෝන් පෝල් තුමාගේ ජාතික පූජ්‍යස්ථානය අවභාවිතයේ යෙදවීමක් යැයි අගරදගුරු විල්ටන් ඩී. ග්‍රෙගරි කීහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාව අවුල් සහගත බවත් එය හෙළා දකින බවත් එතුමා වැඩිදුරටත් පවසා තිබේ.

විරෝධතා උත්සන්න වුවහොත් හමුදාව යොදවා එය මර්දනය කරන බව ට්‍රම්ප් සඳුදා (01) ප්‍රකාශ කළේය.

Related posts

නවසිලන්තයේ අගමැති සහ ඇමති මණ්ඩලයට 20%ක වැටුප් කප්පාදුවක්

Helarata

දියුණු රටවල් අසරණවුණා ලාංකික⁣⁣යනි ප්‍රවේශම් වන්න !

Helarata

ඉන්දියාවේ එන්නතට ඉන්දියාවෙන්ම විරෝධය …

Helarata

Leave a Comment

Translate »